(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතන අරමුදල් හා පළාත් සභා අරමුදල් යොදවා පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය පොදු පහසුකම් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාමට සුදුසු පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.
දැනට ඇති වී තිබෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මධ්‍යම රජයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම සීමා කිරීමට සිදු වී ඇති බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.
ඒ අනුව පළාත් පාලන ආයතන විසින් පොදු මහජනතාව වෙත සපයන සේවා වෙනුවෙන් බදු මුදල් බලපත්‍ර ගාස්තුව සහ වරි පනම් වැනි අය කිරීම් සිදු කරන බැවින් රැස් කරනු ලබන ආදායම උපයෝගී කර ගනු ලබමින් එම බල ප්‍රදේශවල වර්ෂාවෙන් හා ජල ගැලීම්වලින් හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස ද ලේකම්වරයා දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ රටෙ පුංචි ආන්ඩු කියල ජතියක් තියෙනවද? කවදද එහෙම දේවල් ඇති කලෙ? දන්නැති කමට අහන්නෙ. .
වරිපනම් අයකලත් කරන කෙංගෙඩියක් නැහැ 1970 මුල් කාලයේ ගැසට් කල අපේ මාර්ග වලට කරන අවහිරකම් ඉවත්කර දෙන්න කිව්වට කරන්නෙ නැහැ T O ලා හා සභාවල වැඩකරන නිළධාරින් ඔවුන්ට අවශ්‍ය පරිදි අනවසර ඉදිකිරීම් අනන්ත කරනවා වැහිපීලි පාරට හරවනවා වැහි වෙලාවෙ පාරෙ යන්න බැහැ මාර්ග කැඩුනම හදන්නෙ නැහැ මෙම ආයතන සදහා මුදල් දීමත් අපරාධයක් කියන්න පුළුවන් මෙහෙම කරන නියෝජිතයන් හා නිළධාරින්ට විරුද්ධව කටයුතු කිරීමත් කරන්න ඕන
දුකට පත්වෙලා ඉන්න ජනතාවගේ රීරිමාංශෙත් කන්නයි හදන්නෙ. පළාත්පාලන ආයතන විසුරුවල දැම්මනම් මහජන මුදල් කෝටි ගානක් ඉතිරිවෙනවා .
පුංචි ආණ්ඩු නොවෙයි, මධ්‍යම ආණ්ඩුවල වෙබ්සයිඩ්වලට ගියාම බලන්න පුළුවන් ඔවුන් ඒවා හඳුන්වා දුන්නේ කොහොමද කියලා. එකක කියාවි ප්‍රාන්ත රජය කියලා තවත් එකක කියාවි තවත් එකක්... මෙහෙම කිව්වම මේ රට ඒකීය වෙන්නේ කොහොමද? මේ රට ඒකීය රටක් නම් වහාම පළාත් සභා අහෝසි කරන්න ඕනෑ..!
මේ රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයට යහපතක් නම් නැහැ.