IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණයක් ඉදිරිපිට පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට 12 දෙනෙක් බිලි වූහ. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 27 ක් යැයි පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේය.

බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට බොහෝ දෙනකු සිටි බව පැවැසෙයි. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් යැයි මේ වනවිට තහවුරු වී ඇත. බෝම්බකරු අධිකරණයට පිවිසෙන ගේටටුව අසලට පැමිණ, පොලිස් නිල රථයක් අසලදී බෝම්බ පුපුරුවා ගත් බව පැවැසෙයි.

අධිකරණ ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු මියගිය සහ තුවාල ලැබූවන් අතරේ සිටින බව පැවැසෙයි.

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ පාකිස්තාන තලේබාන් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය හෝ ටීටීපී ත්‍රස්ත සංවිධානයයි. කෙසේ නමුත් ඊයේ සිදුවුණු බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත.

පාකිස්තානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතරේ ගැටුම් පවතින්නේ ද පාකිස්තාන තලේබාන් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ සහාය සහ අනුග්‍රහය ලැබෙන බැවිනි. 

ඇෆ්ගන් තලේබාන් සහ පාකිස්තාන තලේබාන් යනු එකිනෙකට වෙනස් මතදරණ ඉස්ලාමීය කණ්ඩායම් දෙකකි.



අදහස් (0)

පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site