පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලබා රෝහල්ගත කළ ගණන 120 ක් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

බෝම්බය පිපිරී යෑමෙන් මුස්ලිම් පල්ලියට පමණක් නොව, පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලට ද දරුණු ලෙස හානි සිදුවුණු බව ද පැවැසෙයි.

ගොඩනැගිල්ලේ  සුන්බුන් අතර සිරවුණු තුවාලකරුවන් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය.

එය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් අයි.එස්. ත්‍රස්තයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ.
පාකිස්තානයේ සුන්නි සහ ෂියා මුස්ලිම් ආගමික ගැටුම් බහුලය.  පසුගිය වසරේ මාර්තු මාසයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

එම බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරය එල්ල කළේ අයි.එස්. ත්‍රස්තවාදීන්ය.

(එන්.ඩී.ටීවී.)