(සුජිත් හේවාජුලිගේ)

රජයේ ඇමති  ධුර බාර ගත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ඒ තනතුරු අතහැර නැවත එන්නේ නම් ඔවුන් ආදරයෙන් බාර ගැනීමට සූදානම් බව ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"එනවනම් අපේ තනතුරු වුණත් දෙන්න සූදානම්" යැයිද ඔහු ප්‍රකාශ කළේය

ජයසේකර මහතා මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ පිරිස යළි පක්ෂයට සම්බන්ධ කර ගන්නේ දැයි කළ විමසුමකදීය.