(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය  ඇතුළු බොහෝ කටයුතු තීරණය කරන  ප්‍රධාන ව්‍යුහයවන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද  (20) පත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කරනු ලැබීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද අහෝසිවී ගියේය

කතානායකවරයා  සභාපතිත්වය  උසුලන මෙම කාරක සභාවට නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක , විරුද්ධ පක්ෂයේ නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක  සහ  තවත් සාමාජික මන්ත්‍රීවරු විසි එක් දෙනෙක් ඇතුළත් වෙති.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරු 20 දෙනෙක්  අද (20) පත් කරනු ලැබූහ.

චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, ඩග්ලස් දේවානන්ද , විමල් වීරවංශ , ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර ප්‍රසන්න රණතුංග, අලි සබ්රි , ගයන්ත කරුණාතිලක , රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ  එම්.ඒ සුමන්දිරන්  මෙසේ පත් කෙරුණු මන්ත්‍රීවරු විසි දෙනා  වෙති.

අනෙක් සාමාජික මන්ත්‍රීවරයා පසුව පත් කෙරෙන බව දැනගන්නට ඇත.