(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ පිටත වටරවුම් මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමට සලසවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී අතුරුගිරිය රථ වාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙම්මුල්ල පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකි.
අනතුරින් කොස්තාපල් වරයාට සුළු තුවාල සිදු වී ඇත.
සුඛෝපභෝගී මෝටර් රථය කඩවත සිට මාතර දෙසට පැමිණීමේදී සැකකාර කොස්තාපල් එම මාර්ගයේම කඩුවෙල සිට කඩවත දෙස ට යතුරුපැදිය අනතුරුදායක ලෙස ධාවනය කර මෙම අනතුර සිදු කර තිබූ බව පොලිසිය කියයි.
කොතලාවල අධිවේගී පිවිසුමෙන් මාතර දිශාවට ගමන් ගන්නා මාර්ගයෙන් ඇතුළු වී තිබූ කොස්තාපල්වරයා මීටර් 100ක පමණ දුරක් මාතර මාර්ගයේ ගමන් කර ආපසු හරවාගෙන කඩවත දෙසට යතුරුපැදිය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
අනතුරින් සුඛෝපභෝගි මෝටර් රථයේ ඉදිරිපස වම්පසට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොස්තාපල්වරයා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
අධිවේගී මාර්ග රථ රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න,සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්දසේකර මහත්වරුන් ගේ උපදෙස් මත කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනු පාලක මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පී.සී යතුරු පැදියෙන් අධිවේගී මගේ ගොස් කාරයක හප්පලා
Robert Monday, 27 June 2022 12:10 AM
කන පැලෙන්න ගහන්න ඕනේ...
සකලගුරු Monday, 27 June 2022 08:44 AM
එම කොස්තාපල්ට දඬුවමක් නොදුන්නොත් මෙය පූර්වාදර්ශයක් කරගෙන තෙල් මාෆියාවේ අය අධිවේගී මාර්ගයේ නීති කඩාවි කියලා හිතන්නේ නැද්ද?