IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පී.සි ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

වත්තල ඇලකන්ද හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් පොලිස් කොස්තාපල්වරයකුට නිල ඇඳුමෙන් ඇද පහර දීමේ සිද්ධියක්  සම්බන්ධයෙන්   වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.

සැකකරුගේ පහරකෑමට ලක්ව තුවාල ලබා  ඇත්තේ  වත්තල  පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (103409) සන්දිප් නමැති කොස්තාපල්වරයා   බවත් ඔහු රාගම නේවාසික  රෝහලේ ප්‍රතිකාර ලබන බව ද බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හැඳල වැලිඅමුණ  පාරේ පදිංචි හිටපු ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රීවරයෙක් බව  පොලිසිය පවසයි.

වත්තල පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු ඊයේ(10) රාත්‍රියේ බීට්ටු සංචාරක රාජ රාජකාරියේ යෙදී සිටියදී හැඳල හන්දිය අසල යතුරුපැදියක් අනාරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් පැමිණි පුද්ගලයකු නවතා පරික්ෂා කිරීමේදී ඔහු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් අනතුරුව සඳ හන්දියේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් සන්දීප් මහතාට ඒ බව දැනුම් දී ඇත.

එම දැනුම් දැනුම්දීම අනුව පොලිස් කොස්තාපල් සන්දීප් මහතා එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ නිලධාරියාට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහුගේ නිල ඇඳුමේ ඇඳුම ඇද පහර දී ඇත.

මේ  සම්බන්ධයෙන්වත් සම්බන්ධයෙන්වත් වල පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත . අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (2)

පී.සි ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට

gamage Tuesday, 11 April 2023 05:02 PM

මෙතන ගුටි කාපු පොලිස් රාලහාමිගේ නම ලිවුවට ගහපු මනුස්සයාගේ නම කියලා නැහැනේ .ගොඩක් නිව්ස් වල මෙහෙම තමා .ලොක්කන්ගේ නම් සඳහන් වෙන්නෙම නැහැ

:       0       0

Sunil Tuesday, 11 April 2023 07:08 PM

දැන් කාලයේ පොලීසියේ වැඩ ගැන බැලුවම පොලිසිය ඉක්මනින් ප්‍රතිසංවිධානය නොකලොත් ගැටලුවක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා 1971 කාලයේ ජවිපෙ එක් අරමුනක් වුනේ පොලිසිය මර්දනය කිරීම කියලා අහල තියෙනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 164 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site