(ඩී.ජී.සුගතපාල)
උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදි පලා යාමට උත්සාහ කල යතුරුපැදි කරුවෙක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන මැටරඹ කැකුලන්ඕවිට පදිංචි 30හැවිරිදි පුද්ගලයෙකි.
හබරාදුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ සවස උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටියදි ගාල්ල දෙස සිට මාතර දෙසට පැමිණි යතුරු පැදියක් නවතා පරික්ෂා කිරිමේදි එම යතුරු පැදියට රක්ෂණ ආවරණයක් නොමැති බවට අනාවරණයවි ඇත.යතුරුපැදි කරුට එම වරද කියා දිමේදි බහින් බස්වි කලහකාරි තත්වයක් සිදුව ඇත.
එහිදි කොස්තාපල්වරයෙකුගේ මුහුණට තුවාල සිදුවඇති අතර පසුව සාපරාධි බලහත්කාරයපා රාජකාරියට බාධා කිරිමේ චෝදනාව යටතේ යතුරු පැදිකරු අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්පුඩි ගහලා පිළිගන්න, අයිතිකාරයෝ එයි.
වාර්තාව පිළිගන්න ඉතාමත් අමාරුයි. මොකද ට්‍රැෆික් පොලිසිය කිසිදාක යමක් තේරුම් කරන්න යන්නේ නැහැ රක්ෂණ සහතික නැත්නම් උන්දැලා කරන්නේ රියදුරු බලපත්‍රය අරගෙන කිසිවක් නොවිමසා සැගවී සිටි තැනට ගොස් දඩ කොලයක් ලිවීම පමණයි. දැන් දැන් පොලිසිය අතින් සිදුවන අවිචාරවත් ක්‍රියාවන් නිසා යම් දිනක ජනතාව පාරට බැසීමට වුණත් ඉඩක් නැතිවේවි කියන්න අමාරුයි. ඒ තරමට පොලිසිය සාමකාමි ජනතාව ඈත්කරමින් තක්කඩියාට තැනක් දෙන්න කැමති බවක් පෙන්වනවා...