
(හිරාන් ප්රියංකර ජයසිංහ)
ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි මොහොමඩ් පයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය අද(30) අලුයම හලාවත කාක්කපල්ලිය ප්රදේශයේදි මාරක අනතුරකට ලක්ව ඇතත් මන්ත්රිවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
තම පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු මදුරන්කුලිය ප්රදේශයේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වි ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදි මන්ත්රිවරයා පමණක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර නින්ද යාමත් සමග මෝටර් රථය මන්ත්රිවරයාගේ පාලනයෙන් මිදි හලාවත කාක්කපල්ලිය ප්රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පක ගැටි නැවති ඇති බව කියයි. අනතුරීන් මෝටර් රථය බරපතල හානි සිදුව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි රියදුරාට යන වියදම ඉතුරුකරල මංත්රීතුමාව වාහනේ පදවන් ගිහිල්ල. ඒ අතින් රජයට ඉතුරුවක් කරල තියෙන්නෙ, වාහනේ හදන්න මහලොකුගානක් යන එකක් නෑ.
මාරක අනතුරක්? කවුරුත් මැරිලත් නෑ. තාප්පෙ ලඟ තිබුණු ගහක් දෙකක්වත් මැරෙන්න ඇති.
මාරක අනතුරක්ලු. මන්ත්රී රියදුරුට කිසිදු අනතුරක් නැහැල්ලු. එතකොට කව්ද දැන් මැරිලා තියෙන්නේ? වාහනයද, නැත්නම් තාප්පේද ?? නොතේරෙන කමටයි ඇහුවේ...!!!
මන්ත්රී බීලා හිටියද? ඒක පරීක්ෂා කළාද? රංවලගෙ වගේ පැය 48ක් යනකල් ඉන්නවද? ආණ්ඩුවේ වාහනයක් නමි බලන්න මේ මනුස්සයාට ලයිසන් තියනවද කියලා.
මාරක අනතුරක්නම් කවුරුන් හරි මියයන්න ඕනෑ. නැත්නම් මාරක කියන වචනය වැරදියි. බරපතල වගේ වෙනත් සුදුසු වචනයක් යොදන්න. කවුරුත් මිය නොගිය එක ගැන සතුටුයි නමුත් මේ වගේ රටේ ප්රධාන පුවත්පතක් භාෂාව ගැන නොදැනීම හෝ නොසැලකීම අපේ සිංහල භාෂාවට මාරකයක්.