
(අංජුල මහික වීරරත්න)
නේපාලයට බලපෑ හදිසි ගං වතුර තත්ත්වය හමුවේ ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය ශ්රී ලංකාව සූදානමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාස 10 කට පෙර මාරාන්තික සුළි කුණාටුවකින් තවමත් ගොඩ එන ජාතියක් ලෙස නේපාල ජනතාව සමඟ ශෝකය බෙදා ගන්නා බවද ජනාධිපතිවරයා කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කරන්නේ x ගිණුමේ සටහනක් තබමිනි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදු වූ ඛේදජනක ජීවිත හානි පිළිබඳව දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින් කණගාටු වෙමි.නේපාල ජනතාවට ශෝකය ප්රකාශ කිරීමට ශ්රී ලාංකික ජනතාව සමඟ එක් වෙමි යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd