
( ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(10 ) අලුයම රේගු ජෛව විවිධත්ව , සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ශිෂ්‍යයෙකි .
ඔහු අද(10) අලුයම 12.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ ප්‍රිලෝඩෙන්ඩ්‍රම් , ඇග්ලෝනිමා , ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ග වල විසිතුරු මල් පැළ 386 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd