
(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ හතලිස් පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(29 ) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ
ඔහු 43 හැවිරිදි වියේ පසුවන පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයෙකි .ෙඔහු අද දින අලුයම 02.45 ට සාජා නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී.9 - 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ සහ " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි 150 ක් සගවා තිබියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
;

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd