
(අංජුල මහික වීරරත්න)
වියළි කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොණරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක වල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුවජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹිණි.
සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි වැවිලි, කෘෂිකර්ම, වන ජීවී සහ ජල සම්පත් කළමනාකරණ යන අංශවලින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් භූගත ජල මට්ටම පහත යාම හමුවේ ගතයුතු ඉදිරි පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර, යම් හෙයකින් බලපෑමකට ලක්වන ක්ෂේත්රවල සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd