(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ  ප්‍රධානීන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට  ලබන සතියේදී  කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත.

ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා   ඔවුන් මෙසේ  කැඳවන බව කෝප් කමිටුවේ  සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.

නැව් සංස්ථාවේ ප්‍රධානීන්  කෝප් කමිටුව හමුවට මීට පෙරද කැඳවා ප්‍රශ්න කෙරිණ

ලංකා නැව් සංස්ථාව (Ceylon Shipping Corporation) යනු ශ්‍රී ලංකා රජය සතු ප්‍රධානතම නාවික හා භාණ්ඩ ප්‍රවාහන ආයතනයයි. එය මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා වෙළඳ භාණ්ඩ ජාත්‍යන්තර වශයෙන් ආනයනය කිරීම සහ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් රජයේ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි.