(අංජුල මහික වීරරත්න)

රටේ වෛද්‍යවරුන්ට හා වෘත්තිකයින්ට ඇහුම්කන් දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

" අපි ශාඛා සමිති ටික හදන්න පටන් ගන්නවා.ඉතින් ඒ වගේම අලුත් පිරිසක් පක්ෂය එක්ක එකතු වෙලා ඉන්නවා. තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ අතර දක්ෂ පිරිසක් ඉන්නවා.දේශපාලනය දන්න බිම අඳුරන ඇත්ත කතා කරන බොරු කියන්නෙ නැති පුලුවන් තරම් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන උත්තර හොයන්න පුළුවන් ප්‍රායෝගික පිරිසක් අපි එක්ක ඉන්නවා.

සියලු කාරණා තීන්දු කරන්න වෙන්නේ මැතිවරණය අනුව.ඒ අනුව අපි පක්ෂයක් විදියට දෙපයෙන් හිටගන්න විදියට අපි ගොඩනැගෙමින් ඉන්නවා.ඉතින් ඒ අනුව අපේ ඉදිරි මැතිවරණය වලදී බලමු.යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.