IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නෙළුම් කුලුනෙන් බිමට පනිමු

(යොහාන් භාසුර)

ලෝක ප්‍රසිද්ධ ත්‍රාසජනක ක්‍රීඩාවක් වන බංජි ජම්ප්’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි මස සිට ‘නෙළුම් කුලුනේ’ ප්‍රදර්ශනයට කිරීමට නෙළුම් කුලුන කළමනාකරණ සමාගම සහ ‘බංජි’ සමාගම අද (7) ගිවිසුමට අස්සන් තැබීය.

මෙම ත්‍රාසජනක ක්‍රීඩාවේදී ඔවුන් මීටර 350 ක පමණ ඉහළ සිට පහළට පනින අතර එය විදේශිකයන් වඩාත් ප්‍රිය කරන ක්‍රීඩාවකි.

නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ ‘බංජි’ සමාගම සතු වන සාමාජිකයන් 50,000 ක පමණ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන්වීමට එම සමාගම බලාපොරොත්තු වන බවත් මෙම ව්‍යාපෘතිය රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට හොඳ අවස්ථාවක් බවත්ය.

ජනවාරි මස 1 වැනිදා සිට දිනකට පැනුම් වාර 100 ක් පමණ ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර ඇති බව කී සමරසිංහ මහතා ඉන් පැනුම් 40 ක් පමණ රාත්‍රී කාලයේ විදුලි ආලෝකය මධ්‍යයේ කිරීමට ද එම සමාගම බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය. 



අදහස් (10)

නෙළුම් කුලුනෙන් බිමට පනිමු

chandima Friday, 07 October 2022 09:56 PM

අපි මොකටද ඕකෙන් බිමට පනින්නේ...? ණය අරගත්තු අයව උඩට ගෙනිහින් බිමට තල්ලු කරලා දානවා මිසක්...!

:       32       11

namalee Friday, 07 October 2022 10:06 PM

ඕක විවෘත කරන්න දෙන්න ඕනෑ අප්පච්චිට...!

:       27       9

sampath Friday, 07 October 2022 11:36 PM

යෝජනාව නම් හොඳයි. ඒත් අන්තිමට මේවට අත්සන් කරපු අයටයි, ණය ගෙවන මිනිස්සුන්ටයි මේකෙන් පැනලා මැරෙන්න වෙයිද දන්නේ නෑ...?

:       21       5

sunimal Saturday, 08 October 2022 07:32 AM

මුළුරටම මානසික රෝග රෝහලක් කරමු...

:       17       7

Nimal Saturday, 08 October 2022 07:48 AM

නෙළුම් කුළුනෙන් බිමට පනින්න පෙර සිතා බලන්න...

:       18       8

RANDIL Saturday, 08 October 2022 08:16 AM

ලංකාවේ අපිට කොහොමත් වෙන්නේ ඕකෙන් බිමට පැනලා මැරෙන්න තමයි.., රටම සුසානයක් වුණත් ඔහේ නටපල්ලා කියනවනේ... ඒ වගේ තමයි. දැන් මේකට කී දෙනෙක් හුරේ දාගෙන එයිද... රට දියුණු වෙන්න මේවා ඕනෙ කිය කියා එහෙම මිනිස්සු ඉන්න රටක මොන සිස්ටම් චේන්ජ්ද?

:       20       10

Malika Saturday, 08 October 2022 05:03 PM

කොච්ව්ර හොඳ වැඩක්ද? අපි ඉස්සෙල්ලාම නාමල්ටයි, යෝෂිතටයි, රෝහිතටයි පනින්න කියමු. ඊටපස්සේ පීළිවලට එයාලගේ නෝනලාව පන්නමු.

:       11       7

විපරමා Saturday, 08 October 2022 06:15 PM

ගසාකාපු, හදන්න ඩීල් ගහපු, අයව තමයි මුලින්ම බිමට තල්ලු කරන්න වටින්නේ...!

:       8       7

kumara Sunday, 09 October 2022 08:28 AM

1) මේවට ගෙවන්නේ රුපියල් ද? ඩොලර් ද? නැත්නම් නොමිලේ ද? 2) ඩොලර් සංචිත නැති මේ වෙලාවේ ඩොලර් මේවට වියදම් කිරීම අනුමත කරන්නේ කවුරුන්ද? 3) බන්ජි ජම්ප් බලන්න පිටරටවල් වල මිනිස්සු ඒවි ද? ලංකාවේ මිනිස්සු ඉස්සරහ කරන බොරු සංදර්ශනයක් ද? පිටරටවල මිනිස්සු බන්ජි ජම්ප් කරනවා මිසක් ඒවා බලන්න එන බවක් නම් දැකල නෑ . 4) සංචාරක ව්‍යාපාරය පමණක් මත යැපීම නිසා සිදු වුන හානිය තවදුරටත් ඒ ආකාරයෙන් ගෙනයනවද? නැතිනම් විකල්ප අදායම් මාර්ග හොයා ගන්නවද? 5) සංචරකයන් ඉන්ධන නැතිව, අරගලයක් කියා ගෙවල් ගිනි තියන, නිතියක් නැති රටකට බන්ජි ජම්ප් බලන්න ඒවිද? 6) බෙහෙත් ටික වත් ගන්න සල්ලි නැති රටකට, තියෙන ඩොලර් ටික බන්ජි ජම්ප් වලට වියදම් කරද්දී , එහි ගන්නවත් එක්කෙනෙක්ට අය කරන , අපිට කියන්න. 7) ඩීසල් බලාගාර මුවාවෙන් ලංකාවේ සල්ලි ටික පිටරටට යවන දුෂණය නවත්වන්නේ නැතිව, විකල්ප බලශක්තියක් විදිහට සරල දේවල් (තඹ පාවිච්චි කරලා ටර්බයින් ලංකාවේ හදන්න පුළුවන් කම තියෙද්දී, සුළඟ භාවිතයට, නැත්නම් රළ , නැත්නම් දිය ඇලි ) නොකර , නමුත් හරක් වැඩ කර කර මේ යන ගමන කෙලවර වෙන්නේ කුමන තත්වයකින් ද?

:       0       2

Bamunuarachchi Sunday, 09 October 2022 11:40 AM

කුලුනෙන් පනින්න පිට රටින් ගෙවන්න එපා දුවා දරුවන් ඇතුළුව පවුලම රජයෙන් බලා ගන්නවා කීවොත් සිය ගණනක් තාත්තලා අම්මලා කුලුනෙන් බිමට පනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 96 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site