
(වසන්ත චන්ද්‍රපාල)
අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් අද දින ආරම්භ කළේය.
අම්පාර දිස්ත්‍රික්කය ,මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල සියලුම රොහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන බව රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමයේ විධායක සභික අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරු ආරච්චි මහතා පැවසිය.
ඒ අනුව නැගෙනහිර පළාතේ ශික්ෂණ රෝහල් 1 ක් ,මහා රෝහල් 02 ක් මුලික රෝහල් 17 ක් ,ප්‍රාදේශීය රෝහල් 52 ක් සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්,ථාන 113 ක වෛද්‍යරු මෙම වැඩ වර්ජනයට සහාභාගි වෙන බව වෛද්‍ය ජනිත් පේදුරු ආරච්චි මහතා වැඩි දුරටත් සඳහන් කලේය.
අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වරයා පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවිම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂකවරයකු ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින් ගේ සංගමයේ අම්පාර ශාඛාව මෙන්ම රජයේ වෙද්‍ය නිළධාරින් ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
kawda වෛද්‍ය අධිකාරිවරයා?