නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අද (19) අලුයම අඟහරු මතට සාර්ථක ලෙස පතිත කර තිබේ.
අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන ගැඹුරු ආවාටයකට එම යානය ගොඩ බැස්වූ බව ඇමරිකානු බලධාරීහු පවසති.
යානය 2020 වසරේ ජූලි 30 වනදා අඟහරු බලා ගමන් ඇරඹීය. රෝද 6කින් සමන්විත මෙම රෝවරය ඉදිරි වසර 6ක කාලය තුළ අඟහරු පෘෂ්ඨය මත කැණීම් සිදුකරමින් තොරතුරු ලබාදීමට නියමිත බව ද ඔවුහු පවසති. අඟහරු මත ජීවය පැවතියාද යන්නට සාක්ෂි සොයාගැනීමද මෙහෙයුමේ ප්‍රධාන අරමුණකි.
එම යානය අති නවීන ගවේෂණ උපකරණවලින් සමන්විත වන අතර කැමරා 20ක් මයික්‍රෆෝන දෙකක් හා ඩ්රෝන යානයක් සහිතය.
රෝවරය ගොඩබැස්වූ ජෙසෙරෝ ආවාටය අතීතයේ විලක් ලෙස පැවති ප්‍රදේශයක් බවට අනුමාන කරන ස්ථානයකි. පෘථිවියෙන් එපිට ග්‍රහලොවකදී පළමු වරට හෙලිකොප්ටරයක් පියාසර කරවීම, අඟහරු මත පළමු වරට ශබ්ද පටිගත කිරීම මෙම මෙහෙයුමේ විශේෂ ක්‍රියාකාරකම් අතර වෙයි.
ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් අඟහරු වෙත ගොඩබස්වන ලද දෙවන රෝවරය මෙයයි.
පළමුවැන්න වන කියුරියෝසිටි රෝවරය 2012 වසරේදී අඟහරුගේ වෙනත් ආවාටයකට පතිත කරවන ලදී.
(බීබීසී ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නාසා යැවූ යානය අඟහරු මතට
Azox Friday, 19 February 2021 11:18 AM
අපිට මොකද?
Nuwan Saturday, 20 February 2021 06:47 AM
මෙම ව්‍යාපෘතියට ජයෙන් ජය පතමි. මේවා තමයි අනාගත ලෝකයේ මිනිස් වර්ගයාගේ ගැලවීම සඳහා මග පාදන්නේ... අපි වැනි දුප්පත් රටවලින් මෙවැනි මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා ගන්න කිසිඳු පියවරකට සහයෝගයක් දක්වන්නේ නැත.
Nihal Saturday, 20 February 2021 02:10 PM
අපිත් එකක් යැව්වේ?
siri Saturday, 20 February 2021 12:44 PM
අපේ රටේ ඉන්න එකම රොකට් විද්‍යාඥයා යවපු යානාව මේ දවස්වල කොහෙද දන්නේ නෑ කැරකෙන්නේ නේද අබිලිං? සමහරවිට එයාගෙම මුදල් පසුම්බිය වටේට වෙන්න ඇති...
lasitha Friday, 13 August 2021 01:13 PM
සුපිරී සුපිරී ...