
(යොහාන් භාසුර)
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට එකගතාවය දක්වා ඇති අතර ඒ සදහා අවශ්‍ය අරමුදල් ලබාදීමටද එකගතාවය ප්‍රකාශ කර තිබේ.
මෙම සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අමාත්‍යවරයා සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර අද පෙරවරුවේ පැවැත්විණි.
මෙම මධ්‍යස්ථානය පිහිටුවිමට අදාලව දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අදාල අවබෝධතා ගිවිසුම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සමාලෝචනයට ලක් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිතය.
මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසුව වසර තුනක කාලයක් සදහා නවසීලන්තය විසින් ආධාර ලබාදීමට එකගතාවය පළ කර තිබේ.
ආරක්ෂිත සංක්‍රමණය සහ විදේශ රැකියා සම්බන්ධයෙන් අවධානමට ලක්විය හැකි පිරිස් අතර දැනුවත්භාවය ඇති කිරීම සදහා වන වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන අතර මිනිස් ජාවාරම සහ අක්‍රමවත් සංක්‍රමණ වැලැක්වීම සදහා තීරණාත්මක කාර්යභාරයක්ද මේ හරහා ඉටු කෙරේ. එම වැඩසටහන් ක්‍රමිකව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය හරහා ලංකාව හා නවසීලන්තය අතර වන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජන ජීවිතය වඩාත් දියුණු කිරීම සදහා වන දායකත්වය ලබාදීමටත් අපේක්ෂා කරන බවත් නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙම හමුවේදී අවධාරණය කර සිටියේය.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තයෙන් ලංකාවට සංක්‍රමණ මධ්‍යස්ථානයක්
Perera Wednesday, 30 August 2023 06:57 AM
ලංකාවේ මානව සම්පත් ,බොහොමයක් දැනටමත් නවසීලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නේ .තව බොහෝ අය බලන් ඉන්නවා සංක්‍රමණය වෙන්න