
(විමුක්ති එස් රුද්‍රිගු)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට නවසීලන්ත ඩොලර් මිලියනයක් ආධාර ලෙස ලබාදීමට නවසීලන්ත රජය තීරණය කර ඇතැයි මෙරට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය අද ප්‍රකාශ කළේය.
නවසීලන්ත ඩොලර් මිලියනයක ආධාරය මෙරට පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහාය සැපයීමට උදව් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ආපදාවෙන් ජීවිත අහිමි වූවන්ට නවසීලන්ත රජය සිය ශෝකය පළ කරන බවත් මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්වයන්ගෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට මේ වනවිට ඉන්දියාව, ඇමෙරිකාව, පාකිස්තානය, මාලදිවයින, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් ඉදිරිපත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට ස්තූතියි.
ඔස්ට්‍රේලියාවයි නිව්සීලන්තෙයි රටවල් දෙක විතරක් ලබා දී ඇති ආධාර ඩොලර් මුදල් වලින්, ආපදා තත්වයෙන් උන විනාශයෙන් ගොඩ යන්න අවශ්‍ය රුපියල් මිලියන 31ක් ලැබිලා.