නවසීලන්තයේ සංචාරක තෝතැන්නක් වන මවුන්ට් මවුන්ට්ගනුයි හි කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදහන් ව ඇතැයි විදෙස් මධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වු පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව තවම නිශ්චිතව කිව නොහැකි යයි එරට බළධාරීන් පැවසු බව සඳහන් වේ.

කැණීම් යන්ත්‍ර සහ ස්නයිෆර් සුනඛයන් යොදා ගනිමින් දිවි ගලවා ගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූමියේ අස්ථාවරත්වය හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා එල්ල වෙමින් පවතීන බවද විදෙස් මාධ්‍ය පවසයි.

නවසීලන්තයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උතුරු දූපත පුරා ස්ථාන කිහිපයක නායයෑම් ඇති වී තිබේ.

උතුරු දූපතේ ස්වාත් ප්‍රදේශය ජලයෙන් යටවී ඇති අතර, එරට ජාතික කාලගුණ සේවය වන මෙට් සර්විස්, කලාප කිහිපයක කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මවුන්ට් මවුන්ගනුයි පිහිටා ඇති ප්ලෙන්ටි බොක්ක ප්‍රදේශයට අද (22) දින වාර්තාගත වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූ බවත්, මාස දෙකහමාරක වර්ෂාපතනයක් පැය 12 ක් තුළ ලැබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(හසිනි නවෝද්‍යා)