(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා ඇතුළු (එජාප) ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදි අද(30) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු ඔහුගේ සමීපතම හිතවතුන් 7දෙනෙකු ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව සංචාරක හෝටලයක නිරොධාන රෙගුලාසි උල්ලංඝනය කරමින් බීමත්ව මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩා කරමින් සිටින බවට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වටවල සහ ගිනිගත්හේන පොලිස් ස්ථාන වල නිලධාරින් එකාබද්ධව වැටලිමක් සිදු කර සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
වැටලිම සිදු කරන අවස්තාවේ මුදල් ඔට්ටුවට සුදු ක්‍රිඩා කිරිමට භාවිතා කල මුදල් , රා බෝතල් කිහිපයක් සහ සභාපතිවරයාගේ පුද්ගලික වාහනය සහ ඔශුගේ හිතවතුන් පැමිණි මොටර් රථ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
වැටලිම සිදු කරන අවස්තාවේ සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගිය බවත්, එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කියා සිටියහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සංචාරක හෝටලයේ මුරකරුද වන අතර , සෙසු සැකකරුවන් නාවලපිටිය , නෝටන්බ්‍රිජ් කලවැල්දෙණිය , සහ හැටන් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
දේශපාලකයින් හැසිරෙන්නේ නීතිය ඔවුනට පහලින් ඇති අයුරිනි. මේ සංස්කෘතිය වෙනස් කල යුතුව තිබේ.
බුරුවෙකුට මහත්තය කියන්නේ මොකද? බුරුවට බැනල වැඩක් නැහැ බුරුව පත් කරගත්ත බුරුවන්ට තමයි ගහ ගහ පාඩම් කියා දෙන්න ඕනේ.
බූරු ගහන එක සහ ඇඳිරි නීතිය කඩකිරීම දෙකම වැරදියි. දඬුවම් දියයුතුයි. ප්‍රශ්නයක් නෑ. නමුත් මේ බිලියන් ගණන් ගැහිලිවලට මොකවත්ම කථාවක් නැති එකයි ප්‍රශ්නය.
මෝඩකමනේ. බූරුවා ගහන්න කලින් පක්ෂෙ මාරුකරලා හිටින්න එපායැ.
කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. එහි කිසි විවාදයක් නැත. නමුත් මෙම ලිපියේ (එජාප) යන්න පැහැදිලිව සටහන් කර ඇති අතර කලින් ලිපියක පොහොට්ටුවකු ගැන සදහන් කරද්දී ඔහුගේ පක්ෂය සදහන් කර නොතිබුණි.
මේ වගේ නුගත් ගමේ ගොඩේ චන්ඩි දේශපාලකයෝ විදිහට පත් කරන බූරුවෝ නිසා ඩොලර් එක 200 ට නෙවේ 400 ට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ. පොඩ්ඩක් හරි හිතන්න පුළුවන් හරි මිනිහෙකුට හරි චන්දෙ දෙන්න පුළුවන් එකෙක් ඔය ලිස්ට් එකේ ඉන්නවද?
බූරුවන් ටිකක් බූරු වැඩක් කර ඇත..
නිරෝධාන නීති උල්ලංඝනය කරමින් එක්කෙනෙක් කට්ටිය පිරිවරාගෙන ආගමික කටයුතුකලා නේද පහුගියදා...?
නිරෝධායන නීති කැඩුවාට මොවුන්ට දඬුවම් දිය යුතුමයි. ඒත්, මේ රටේ පොලීසිය පවතින රජයේ සබඳකම් තිබේ නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් දක්වනවා. පසුගිය රජය කාලේදීත් මෙය සිදුවුනා. මේ කාලෙත් එහෙමයි. පොලීසිය ඇතුලටම ඇවිල්ලා ප්‍රධානියාට ගහන්න හදපු කසිප්පු මැරයන්ව හා කහකඩයාව දෙකක් දීලා කුඩුවේ දාන්න පුළුවන් එක පිරිමියෙක් පොලීසියේ හිටියේ නැහැ. තව ඕනෑතරම් දේ තියෙනවා. මා දේශපාලනය කතා කරනවා නොවෙයි. නීතිය සැමට සාධාරණ වියයුතුයි.. එසේ නොමැති නම් නීතියෙන් හා පොලීසියෙන් ඇති ඵලය කිම?
නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා? එහෙමත් මහත් වරුත් ඉන්නවද? දුවලා ගිහිල්ලා පොලිස් ජීප් එකේ සීට් එකක් අල්ල ගත්තේ නැද්ද? කලින් සැරේ පොලිසියට ගෙනියන කොට ගියේ හිටන්ලු.
බුරු දේශපාලුවෙක් නේද? බුරුවෙකුට අන්දලා මුහුණ හොඳට පෙනෙන්න තියලා පාර අයිනේ ගහක ගැටගහන්න. අවශ්‍යයි හැගේනම් තණකොළ ටිකක් ලඟට කිට්ටු කරන්න.
ඒ කතාව නම් සහතික ඇත්ත... බලන්න ලබන පාර අපේ ගොන් තකතීරුවො මූව වැඩිම මනාපෙන් 225 හේ පට්ටියට යවන්නේ නැත්ද? කියල ලංකාවේ හැමතැනම උනේ ඕක නෙව...
ඕකනම් ඉතින් මොකද්ද ? අගමැති කෙනෙක් හිටියා සුනාමි සල්ලි හොරා ගත්තා. ඊළග එක්කෙනා මහා බැංකුව සුද්ද කරා. ඊටත් පස්සේ ජනතා සල්ලි සොහොන් හදලා අව්භාවිත කරලා ලොකුම පුටුවට ආවා. දේශපාලකයෝ ගැන තව උදාහරණ ඕන නෑ.
බුරුවෝ ඉතින් , බුරුවා ගහන්නේ නැතුව වෙන මොනවා ගහන්නද ..?
අනිවා සභාපතියා කොටලුවෙක්...