
(අංජුල මහික වීරරත්න)
වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රටෙි ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
ප්‍රචාරණයක් නොමැතිව කිසිවක් සාර්ථක කරගත නොහැකි බව කී ජනාධිපතිවරයා රට ගොඩගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට කැපවන්නැයි සියලු මාධ්‍ය ලේකම්වරුන්ට පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමිනි.
පෙර දැනුම්දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි. රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ජනගත කිරීමේ දී ප්‍රමුඛ වගකීමක් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන්ට පැවරෙන අතර එහිදී රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙනයාමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍ය අංශය හා අමාත්‍යාංශ අතර ප්‍රශස්ත සම්බන්ධීකරණයක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙම වැඩමුළුවේදී මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කෙරිණි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මගපෙන්වීමෙන් සංවිධාන කර තිබූ මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරු සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd