(සුජිත් හේවාජුලිගේ )
විනෝදය සඳහා නුවරඑළියට පැමිණීම ගැටළුවක් නැති බවත් එසේ පැමිණෙන්නන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම අනුගමනය කරන්නැයි විශේෂ ඉල්ලීමක් කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසී ය.
"මිනිස්සුන්ට නුවරඑළියෙ විනෝද වෙන්න පුළුවන්.හැබැයි සීමාව දැනගෙන කටයුතු කරන්න ඕනෑ" යැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
නුවරඑළියේ සුළු සුළු ව්‍යාපාරවලින් ජීවත් වන විශාල පිරිසක් සිටින බවත් කොවිඩ් හමුවේ ප්‍රදේශයේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දිය නොහැකි බවත් ගලබොඩ මහතා පැවසුවේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පෙරේදා(25) සවස වන විට කොවිඩ් ආසාදිතයන් 60 දෙනෙකු වාර්තා වූ බව කී දිස්ත්‍රික් ලේකම් වරයා රෝගීන් වැඩි පිරිසක් වාර්තා වූයේ අඹගමුව හා වලපනේ යන ප්‍රදේශවලින් යයි ද ප්‍රකාශ කළේය.
මේ අතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කමිටුව අද( 27 ) දිනයේ රැස්වීමට නියමිත බවත් එහිදී කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවත් ඔහු කීය.
කෙසේ වෙතත් නුවරඑළියට පසුගිය සති අන්තයේ දී ජනතාව පැමිණීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.
මේ අතර නුවරඑළියේ පාසල්වලට ළමයින් කැදවෙන්නේ කණ්ඩායම් වශයෙන් සියයට පනහේ පදනම යටතේ යැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිස්ත්‍රික් ලේකමට ගැටළුවක් නොවුනට මිනිස්සුන්ට ගැටළුවක්. මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් මෙයා මේ කරන ප්‍රකාශ හෙළා දකිනවා. මෙයාට ඕන මිනිස්සු මරල හරි කීයක් හෝ හොයා ගන්න. මෙයා මොනවද සෞඛ්‍යාරක්ෂාවට ගනිපු පියවර? නොමිලේ මාස්ක් එකක්වත් දෙනවද?
එතකොට මේ දිස්ත්‍රික් ලේකම්වරයාට කොරෝනා නීතිරීති බලපාන්නේ නැතිද ? රටේ කාටවත් නැති බලතල මොහු ක්‍රියාත්මක කරන්නේ රටේ ප්රබලයන්ගේ අදුර්ශමාන බලය මොහු හා සතුවී තිබෙන නිසාවත්ද ? නැතිනම්,නුවරඑළියට පමණක් මොකක්ද මේ වෙනමම ක්‍රමයක් ..