
නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි.
මෙම වසන්ත උදානය අද (1) සිට ලබන 30 වැනි දා තෙක් පැවැත්වේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙවර නුවරඑළිය වසන්ත උදානය සමරන බව නුවරඑළිය නගරාධිපති චන්දන ලලා කරුණාරත්න මහතා පවසයි.
තුරඟ තරග,මල් ප්‍රදර්ශන, සංගීත, ක්‍රීඩා තරඟ හා කඳු නැගීම ආදි ආදි ඉසව් දින පතාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2021 අප්‍රේල් මස පළමුවැනි දින සිට 30 වෙනිදා දක්වා පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානය අති විශේෂ අන්දමින් මෙවර සිදු කරන බව ඇසුවෙමි. පසුගිය වර්ෂවලදී මෙන්ම මේ වර්ෂයේත් එම උත්සවය පැවැත්වීම ගැන මහත් සතුටක් සහ ආඩම්බරයක් ඇති වෙනවා. නුවරඑළිය ඉතාමත් සීතල ප්‍රදේශයක්. එහිදී එදිනට පැවැත්වෙන තුරඟ තරඟ, වෙළඳසැල්, විනෝද ක්‍රීඩා, හුදෙක් විනෝදාස්වාදය උදෙසාම නොව අපගේ පාරම්පරික සිරිත් විරිත් රැකෙන අයුරින් සැකසුණු ඒවායි. නුවරඑළිය වසන්ත උදානය නොයෙක් අයුරින් මහ ජනතාව උදෙසා විවෘත වීම අප ලද භාග්‍යයකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ නිබඳ ආකර්ෂණය ලබාගෙන ඇති නුවරඑළිය වසන්ත උදානය කෙදිනකවත් අමතක කළ නොහැකිය. සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමඟම එළෙඹෙන නුවරඑළිය වසන්ත උදානය දැක ගැනීමට, විඳ ගැනීමට ආසාවෙන්, බලාපොරොත්තුවෙන් සිටින සැමට මෙය මහඟු අවස්ථාවකි.