
( රංජිත් රාජපක්ෂ )
දේශීය වෙළදපොලේ ඉල්ලුමට සරිලන දේශීය අර්තාපල් සහ බී ලූණු තොග පවතිද්දී රජය විසින් බීලූණු සහ අර්තාපල් ආනයනය කර ඇති බවට චෝදනා කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා රජයට සිය විරෝධය දැක්වීමට ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් සහ නුවරඑළිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද (10 කටයුතු කර තිබේ.
ආනයනය කර ඇති ලුනු තොග සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකර ඇතැයිද ඔවුහු චෝදනා කරති.
මේ නිසාවෙන් දේශීය අර්තාපල් සහ බී ලූණු ගොවින්ට නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි බවද වෙළදසැල් වසා දමමින් විරෝධතාවය දක්වන ව්‍යාපාරිකයෝ සහ ගොවීහු කියති.
අද නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග කිසිවක් කොළඹ ඇතුලු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය නොකළ බවත්, නුවරඑලිය ප්‍රදේශයේ එලවලු වගා ගොවීන් අද දෛනික කටයුතු වලින් ඉවත් වි සිටින බවද එම ව්‍යාපාරිකයන් කියා සිටියේය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදන ආර්ථිකයක් ?
ලප කොටා කරපුවා ඔහුටම පාරා වළල්ලක් වෙලා
ආණ්ඩුව දැන ගන්නට ඔින රටේ කෘෂි නිෂ්පාදන වැඩි වන කාලයේ දී රටින් ආනයනය කිරීම නැවැත්වීමට. ඒවගේම දේශිය ගොවියෝ හා කෘෂි බෝග අලෙවි කරන්නන් ද දැන ගත යුතුයි පාරිභෝගිකයින්ට සාධාර මිලට අළෙවි කරන්න.
පුනරුදාව