තරිඳු ජයවර්ධන
වයඹ විශ්ව විද්‍යාලය තුල නවක වධයට එරෙහි වූ බව කියන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පහරකෑමකට ලක්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු රෝහල් ගත කර තිබේ.
විශ්ව විද්‍යාලය තුල නවක වධය ලබා දීමට එරෙහිව ක්‍රියා කළ නවීන් නම් සිසුවකු ඉලක්ක කරගෙන තවත් සිසුන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි දැනගන්නට තිබේ.
රෝහල් ගත කරනු ලැබ සිටින සිසුන් දෙදෙනා ඇතුළු සිසින් කිහිප දෙනෙකු මෝටර් රථයකින් ගමන් කරද්දී එය නවත්වන ලෙස අන කර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි. ප්‍රහාරයෙන් මෝටර් රථයට ද අලාභ හානි සිදුවී තිබේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බවත්, මේ වන විට විශ්ව විද්‍යාලයේ විභාග ආරම්භ වී ඇති හෙයින් ප්‍රකාශ ලබා ගැනීමේ ප්‍රමාධ වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ ඇනකොටා ගන්නේ ඔබේ ,මගේ, අපේ මහන්සියෙන් උපයා ගන්න මුදල්වලින් එකතු කරන බදුමුදල් වලින් නොමිලේ අධ්‍යාපනය ලබන අපේම දරුවන් නොවේද ? මේ පහර කෑමට ලක්වුයේ අසාධාරණයට විරුද්ධ වූණු නිසා නොවේ ද ? කවුරු කෙසේ කිව්වත් මොන වර්ජන කලත් ලංකාවේම තිබෙන විශ්වයේ දැනුම ලබන අයාතන වල දරුවන් පන්ති වර්ජන කලත් මෙයට සම්බන්ධ වුණු ඒ අහිංසක දෙමව්පියන්ගේ "නැහැදිච්ච රස්තියාදු කාරයන් " ( මෙසේ හැසිරෙන්නේ සිසුන් නොවේ) උපරිම දඩුවම් මෙන්ම සදහටම මෙම ආයතනවලින් නෙරපා දැමිය යුතුය.
මේවා මහ තිරිසන් වැඩ. නිදහස් අධ්‍යායාපනය කියලා මහජන මුදල්වලින් මේවද උගන්වන්නේ. මේවගේ අය ඉන්නකන් අපේ රට කොහොමද දියුණු වෙන්නේ.
නවක වදය දෙන සිසුන් ගේ ඡයාරූප ප්‍රසිද්ධ කල යුතුයි.
මමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.. අපිත් ඔය කියන නවක වදයට මුහුණ දුන්නා නවක වදය කියන්නේ කෙනෙක්ගේ ජීවිතයට අලුත් අත්දකීමක්. මට මතකයි කොළොඹ කැම්පස් එක ලග ඉදන් සෙරෙප්පු දෙකක්වත් නැතුව එම්සී එකට ඇවිදන් ගිහින් අපහු කැම්පස් එකටම එන්න උනා. අපි වින්ද නවක වදය හරි සුන්දර කාලයක්... ජේෂ්ඨ උත්තමයන් අපිට සැලකුවේ සහෝදරයන්ට වගේ, ඒකට දැන්. ඉතාමත් කලකිරීමක් තියනවා දැන් ඉන්න අමු මානසිකත්වයක් තියන පරම්පරාව ගැන. විශ්ව විද්‍යාලය කියන්නේ හරිම සුන්දර තැනක්... දැන් කරන නවක වදය කියන්නේ ලිංගික වධ හිංසා. ඔන්න ඔහොම කරන ගුටි කෙලි... අපි එක බත් එක ජේෂ්ඨ උත්තමයෝත් එක්ක කාපු කාලයක් තිබ්බා. අපේ ජේෂ්ඨ උත්තමයෝ පුදුම නිහතමානී නවකයන්ට නවක වාදයෙන් පස්සේ ඔහුන්ව ආරක්ෂා කරන නවකයන්ට සහෝදර ආදරයක් තිබ්බ පිරිසක්. අනේ මගේ නංගියේ මල්ලියේ විශ්ව විද්‍යාලය කියන්නේ සොදුරු මිනිසෙක් හැඩ ගස්සන ලස්සන තෝතැන්නක්..
මාධ්‍ය කියන්නේ ඇත්තම නොවෙන්න පුළුවන්.
නවක වදය දෙන්නේ මානසික රෝගී තත්වයෙන් පෙලෙන්නන්ය. තවද හීනමානයෙන් පෙලෙන්නන්ද වේ. මොවුන්ට වෛද්‍ය ප්‍රතිකාර කර සදාකාලිකවම පන්ති තහනම් කරන්න.
නවක වදය නවත්තන එක අමාරු වැඩක් නෙමෙයි. කොන්ද පන් තියෙන ඇමති කෙනෙක්, උපකුලපතිලා සහ අරාක්ෂක නිලධාරීන් අනුයුක්ත කරන්න. බුද්ධි අංශ යොදවලා හරියටම එකෙක් දෙන්නෙක් අල්ලගන්න. ඔවුන්ගේ නම් ගම් පවුලේ විස්තර ප්‍රසිද්ධ කරන්න. හිරේ යවන එක වෙනුවට අන්ගොඩ මානසික රෝහලට අවුරුදු කීපයක් දාලා තියන්න. එතකොට ඕක විසදෙනවා.
අපේ රටේ ඉන්න දේශපාලකයන් විශ්වවිද්‍යාල වල සිසුන් ඉත්තන් කරගන උන්ගේ වාසියට වැඩ ගන්න නිසාවෙන් මේ සිදුවීම ඇතිවන්නේ.
තවත් බිල්ලක් සොයමින්
වහාම දඬුවම් ලබා දෙන්න.
ඔය උපකුලපති තනතුර ආචාර්ය මර්වින් සිල්වාට දුන්නා නම් සුමානෙන් වැඩේ නවත්වලා දෙයි.
මේ අයට විශ්වවිද්‍යල අධ්‍යාපනය තහනම් කරලා දාන්ඩ ඕනෙ බරපතල වැඩ ඇතිව බන්ධනාගාරෙට..
තැනකට ගිහින් හැඩ ගැහෙන්ඩ බැරි අය කොහොමත් ඝට්ටනයක් ඇති කරනවා. කොහොම වුනත් අමානුෂික නවකවදය අනුමත කරන්න බෑ. ඒක නවත්තන්න ඕනි. හැබැයි මෙතන තියෙන්නේ අපිට පේනවට වඩා දෙයක් කියලයි මම නම් හිතන්නේ...
නවක වදය නිසා රටට අහිමිවුන ජීවිත ගණන ඉතා විශාලයි. ඒ වගේම ආබාධයන්ට ලක්වුණු ප්‍රමාණයත් බොහෝමයි. මෙලෙස අහිමිවුනේ රටේ සම්පත්... එ් නිසා මින් ඉදිරියටවත් මෙවැනි මිලේච්ඡ නවක වදයන් අහෝසි වෙන ලෙසට නීති පනවා නවකවදය පමුණුවන්නන්ට සදාකාලිකවම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි කළයුතුය. (කවුරු හෝ මෙලෙස මිලේච්ඡ නවක වද දෙන්නන්ගේ පවුල් සම්බන්ධ සමීක්ෂණයක් කර පොතක් ලියනවා නම් සුදුසුයි)