IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නැවක් බෝට්ටුවක් යට කර පලා ගිහින්

 (එම්.සුසිල් පියන්ත)

මහ මුහුදේ  නැවකින් ඇදෙගෙන යමින් සිටි බත්තලකට මෝටර් බෝට්ටුවක්  අද (25) යටවී  මෝටර් බෝට්ටුවක් මුළුමනින්ම විනාශවී ගොස් ඇතැයි අම්බලන්ගොඩ ධීවර වරාය කාර්යාලය කියයි.

බත්තලට යටවී ගිය මෝටර් බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනා පිහිනා ගොස් ජීවිත බේරා ගෙන ඇතැයි අම්බලන්ගොඩ ධීවර වරාය කියයි.

මේ මෝටර් බෝට්ටුව බත්තලට යටවී ඇත්තේ අද(25)අලුයම 3.30ට පමණය. මේ අනතුරින්  ජීවිත බේරාගෙන ඇත්තේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගිය අම්බලන්ගොඩ හිරේවත්තේ පදිංචි එල්.නෙවිල් ද සිල්වා නොහොත් රංග සහ පී.එච්. සමීර යන ධීවරයින් දෙදෙනාය.

  මේ ධීවරයින් දෙදෙනා ධීවර රැකියාව කරමින් සිටියදී නැවකින් ඇදගෙන යනු ලැබූ බත්තලට ඔවුන් දෙදෙනා සිටි මෝටර් බෝට්ටුව මහ මුහුදේ යට යනවාත් සමගම එහි සිටි ධීවරයින් දෙදෙනා මුහුදේ පිහිනා ගොස් වෙනත් මෝටර් බෝට්ටුවක එල්ලී සිය  දිවිබේරා ගෙන තිබේ.

බත්තලට යටවී පිහිනා  දිවි බේරා ගත් ධීවරයින් දෙදෙනා සහ මුහුදු බත්වූ මෝටර් බෝට්ටුව රැගෙන ඒමට අද(25)උදේ අම්බලන්ගොඩ ධීවර වරායෙන් බහුදින ධීවර යාතාවක් ඇතුලුව ධීවර යාතා කිහිපයක් පිටත්ව ගොස් ඇත.

                        



අදහස් (0)

නැවක් බෝට්ටුවක් යට කර පලා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site