නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් හෙට (14) ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ අනුව පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් තම පක්ෂය නියෝජනය කරමින් සහභාගිවන බව සඳහන් කළ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු මහලේකම්වරයකුවූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වන බව සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (13) පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන " සන්ධාන " කරේ තියාගෙන ආවත් " පවුල් සන්ධාන " වලට අපි ඡන්දය දෙන්නේ නැහැ .
නව සංධානේ ගැන සාකච්ඡා කරන ගමන්ම අර මල්වානේ අයිතිකාරයෙක් නැති ගෙදර ගැනත් කතාකළොත් නරකද?
මොනවා හරි කරලා මේ රටේ මිනිස්සුන්ට හොඳ රටක් හදලා දෙන්න. නැතිනම් හොඳ අනාගතයක් නැහැ. මොකද මේ රට ආගාධයට ගියොත් ඔයාලා රට අතඇරලා යනවා. දුප්පත් රපට එහෙම කරන්න බැහැ.
ඩලස් මහත්තයා "ආනන්දේ පාසල් සිසුවෙක්ව ඉන්නාකාලේ කරු ජයසුරිය මහතා කොළඹ නගරාධිපති වෙලා හිටියා" කියල එක වතාවක් ගහපු කෙබරේ වගේ දේවල් නම් සාකච්චාවේදී කියන්න එපා ඔන්න. ඔතන වෙන්නේ ඇතුලෙදි "එකට තරඟ කරනවා" කියල පොරොන්දුවෙලා එලියට ඇවිත් "අපි එන්නේ පොහොට්ටුවෙන් පමණයි" කියල කියන එක විතරයි. අපි දන්නේ නැද්ද පොහොට්ටුවට එකතුවෙලා ඉන්න අයගේ කැරැට්ටුව. " ඒක පුද්ගලාභිවන්දනය" නැත්නම් කොයි කාටත් යන එන මන් නැහැ.
ඔය අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් විසින් "මේ දවස්වල පුළුල් සන්ධානයක් ගොඩනැඟීම සඳහා කෙරෙන සාකච්ඡා සාර්ථක වී ඒ මඟින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස යෝජනා වුවහොත් ඔහුට සහය දෙනවද "යන්න පිළිබඳ නැගූ ප්රශ්නයේදී බැසිල් රාජපක්ෂ මහතා සිනහවෙමින් "කවුරු වුවත් ජනාධිපති අපේක්ෂකයා වීමට නම් පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිදුවන අතර ඒ සඳහා දෙදෙනෙකුගේ අනුමැතිය හිමිවිය යුතු හෙයින් එලෙස යෝජනා කිරීමට දෙදෙනෙකු සිටිනවා නම් බලමු. පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් මෛත්‍රීගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන වුනත් සලකා බලන්න පුළුවන් " යනුවෙන් පැවසූ බව සමහර වාර්තාවල දක්වා තිබුණි.
එළිපිට හොරු කියලා ඔප්පුවුණා. මිනිස්සු ලැජ්ජා නැතිව ඉතුරු ටිකටත් වැඩේ දෙන්න කුරුමානම් අල්ලනවා. මෙහෙව් රටක්...!
ලංකාවේ මෙතෙක් පහළ වූ ලොකුම හොර තක්කඩි සංවිධානයට `ජයවේවා!`
පොහොට්ටුවට කිසි දැක්මක් නැහැ.