(අජන්ත කුමාර අගලකඩ)
රටට ගැළපෙන නව වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති කැබිනට් රැස්වීමට මීට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින්,විද්වතුන්,ව්‍යවසායකයින් ඇතුළත් වන පරිදි මෙම කමිටුව පත් කිරීමට තීරණය වූ බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කමිටුවට පත් කරන විද්වතුන්ගේ , වෘත්තිකයින්ගේ හා ආයෝජකයින්ගේ නම් ලැයිස්තුව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මාසයක් ගියානේ මේ තාක් කල් විද්වතුන් කීව දේ ඇහුවද? කෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ? විද්වතුන් විතරද ඕව ගැන දන්නේ, හොදට ආර්ථිකය හසුරුවල ආණ්ඩු වලටත් බදු හිග මවාපාල මට්ටු කරන මුදලාලි ලත් ඉන්නේ අහගන්න පුළුවන්නේ
දැන් ඔය ලඟම ඉන්න බන්දුල මහත්යාගෙන් ඇහුවනම් කියල දෙයි හොඳවැයින් ප්‍රතිපත්තියක්. අනිත් අතට ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් එපායැ එහෙම දෙයක් ගැන අහන්න. එක වෙලාවක කියනවා දොරවල් වහල ඉබ්බෝ දානවා කියල. තව වෙලාවක කියනවා පැරදුනානම් පවුල පිටින්ම ආදී හයක් පොළව යට කියලා. ආයේ වෙලාවක කියනවා අවීචි මහ නරකාදියට ගිහිල්ල හරි හොරු අල්ලනවා කියල. ආයේ කියනවා අවීචියට තියා දොට්ට පිලටවත් යන්න බැරි උනේ හිටපු අය හින්දා කියල. අනේමන්ද මේවා අහල අහල අපට දැන් ඇතිවෙලා තියෙන්නේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාදෙණිය, මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන... මේ ඉන්නේ නියම මිනිස්සු ...
මොනවා උනත් ජාතික ආර්ථිකය ප්‍රධාන කොටගත් ප්රතිපත්තියකට යායුතුය
ඇයි ඔය පාර්ලිමේන්තුවේ රාජ භෝජන වළඳමින්, තීරු බදු රහිත වාහන වල යමින්, ලක්ෂ කොටි ගණන් වැටුප් ගනිමින්, ජනතා දේපල කොල්ල කමින්, කොටි ප්‍රකෝටි ගණන් වලට එපැත්තට මෙපැත්තට මාරුවෙමින්, ඒ මදිවට ජනතා දේපල කඩා බිඳ දමා විනාශ කරමින්, අවසානයේ ජිවිත කාලයක්ම ජනතා මුදලින් යැපෙන්නට විශ්‍රාම වැටුපකුත් ලබාගෙන, තමන්ගේ දරුමල්ලන්ට ඒ තනතුර පවරා යන පිරිස අතරේ එකම විද්වතෙක්වත් හොයාගන්න නැතිද ඔය වැඩේට?
බණ්දුල ඇමැතිතුමනි, මේ සඳහා සුදුසු අය ඉදිරිපත් කරන්න එපා. තියෙන වරප්‍රසාද විතරක් බුක්ති විඳිමින් සිටීම පමණක් කරාවි. සැබෑ දක්ෂයින් හඳුනාගන්න.