(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය නව වසරට පා තබන්නේ සියලු දෙනා  එක්ව රට ගොඩනගන වැඩපිළිවෙළක් සමග බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

රටේ ජනතාව කන්න නැතිව දුක් විඳිද්දී පෞද්ගලික ජෙට් යානා ගෙන රට සවාරි යන රාජපක්ෂලා විවේචනය කිරීම පසෙක තබා එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කරන විපක්ෂයේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ දෙස බලන විට එක ගමනක් යාම ගැන කුකුසක් ඇති වන නමුත් ජනතාව විඳින දුකින් ගලවා ගැනීම සඳහා සියලු භේද දුරලා විපක්ෂය එකට එක්ව ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුව ඇතැයිද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේය.