
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් නව වයිරසය මේ රටේ පැතිර ගොස් ඇති බවත් එය ආණ්ඩුවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ආරක්ෂක අංශවල වරදකින් සිදු වූවක් නොවන බවත් ඖෂධ සැපයීම හා නියාමන රාජ් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5 )පැවසීය.
ඉන්දියාවේ පැතිර ඇති වයිරස ප්‍රභේදය මෙරටින් මෙතෙක් හමු වී නැතැයි රාජ්‍ය ඇමතිවරයා එම වයිරසය මෙරටට ඇතුළුවීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ඔහු කීය.
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්වය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.
බ්‍රිතාන්‍ය ප්‍රභේදය අද ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද ඉන්දියානු ප්‍රභේදය වෙනස්වීම්දෙකකට ලක්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය .
ලෝකයේ ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මෙම බ්‍රිතාන්‍ය ප්‍රභේදය නිසා යැයි ද ජයසුමන මහතා පැවසුවේය.
අත්‍යවශ්‍ය ඖෂධ රටේ නැතැයි විපක්ෂය නගන චෝදනාව අමූලික බොරුවක් යැයි කී ජයසුමන මහතා අත්‍යවශ්‍ය ඖෂධ 646න් හිඟයක් පවතින්නේ නමයක පමණයි ද ප්‍රකාශ කළේය.
මේ කලාපයේ එන්නත් කරන වැඩපිළිවෙල මුලින්ම ආරම්භ කළේ ශ්‍රී ලංකාව යැයි ද ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස එන්නත් ඉක්මනින්ම ලබා ගැනීමට හැකි වූ බව ද ඔහු කීවේය .
ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වය නිසා අප ගැටලුවකට මුහුණ දී ඇති බව සත්‍යය යයිද එන්න ලක්ෂ හයක අඩුවක් ඇතැයිද මහාචාර්යවරයා පැවසුවේ ය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතලබාගැනීමට ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කරගෙන යන බවදඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ මේ ප්‍රකාශය ගැන හිතෙන්නෙ මොහු මහාචාර්ය වරයෙක්ද යන්නය.
මේ මහාචාර්යවරයෙක් නේද කියන්නේ? වෛරස් එකක් කියන්නේ හෙලිකොප්ටර් වගේ එකක්ද ?
නාථ දෙවියන්ගෙන් වත් දැන ගන්න බැරිද ?
කොහොම මහාචාර්ය කෙනෙක් උනාද මන්දා වියත්මගට අඹ සරණයි
"ඉන්දියාවේ පැතිර ඇති වයිරස ප්‍රභේදය මෙරටින් මෙතෙක් හමු වී නැතැයි රාජ්‍ය ඇමතිවරයා එම වයිරසය මෙරටට ඇතුළුවීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ඔහු කීය"
පට්ටම එක උනාට වෙන රටවල මහාචාර්යවරුන් කරන දේ වලට ලංවෙන්න වත් මෙයාලට බෑ
පැණි සුමනගේ පැත්තෙන් විය හැකියි.
මහාචාර්ය පැණි සුමනේ ඡන්දය කාලේ මාර කයිය ගැහුවේ, කෝ වැඩ, අන්තිමට ඉන්න රටක් හොයපු අපිට, යන්න ඉස්පිරිතාලයක් වත් නැති වුණා. අවුරුදු 73 පාලකයෝ කරපු තරම දැන්වත් මිනිස්සුන්ට දන්නවද දන්නැහැ. සතියක් රට වහලා ජීවත් වෙන්න විදියක් නැහැ. කවුරු ආවත් දැන් මේක නැතිවෙලා ඉවරයි. චීනෙට දුන්නොත් ඔවුන් හරි මේක කරයි...
ඉගෙන ගත්තට ගොන් වැඩ තමයි.
අනේ තොත්ත බබා..
වයිරසය විතරක් නොවේ, වැඩ වරද්දපු අයට ආපු තැන හොයා ගන්න වේවි...!!!
ඒක තමයි අපි දන්නෙත් නැහැ
අපෝයි
මෙයා නම් ෆේල්ම තමයි. අපරාදේ මේ මහාචාර්යවරු රට කරන එක... දැන් රටක් නැහැ. දෙයියන්ගේම පිහිටයි රටට. ධම්මික පැණිය ගැන කිව්වා මතකයිනේ..
ඇමතිතුමෝ ආපු තැන වැඩක්නෑ බෙහෙත්ටික හා අනෙක් පහසුකම් වැඩිවෙන රෝගීන්ට සලසන එක ඔබගේ වගකීමබව සිතන්න. ආපුතැන නෙමේ රෝගීන්ට යන්ඩ තැන හදන්න
මෙහෙමත් මහාචාර්යවරු පහුගිය මැයි වලට ලොකුවට අවවාද කලා කොරෝනා වලින් රට බේරාගත් විරුවෝ කියලා. දැන් පැතිරුණාම එක මහජනතාවගේ වැරැද්ද
ලංකාවෙ හැම දෙයක්ම ඉතාම පහත් සහ දරුනු ලෙස දේශපාලනීකරණය කරලා. නීතිය ක්‍රියාත්මක කිරීම පොදු වෙනුවට පුද්ගල බද්ද කරලා.දවසින් දවස අහිංසක ජනතාව දුකෙන් දුකට පත් කරමින් දේශපාලුවන්,නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් මහජන මුදල් හොරකම මිස වෙනතෙක් සිදු නොවන බව පැහැදිලියි.