
(සුජිත් හේවාජුලිගේ)
නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එදා අප එපා යැයි කියද්දී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂ වැරදි පනතකට අත ඉස්සූ බවත් පළාත් සභා පනත ක්‍රියාත්මක කරන්නේ නම් අලුතින් සංශෝධන ගණනාවක් ඊට එක් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ අනුව දැනුම්දී ඇති බවත් ගුණවර්ධන මහතා පැවසුවේය.
එම පනත සම්මත කරගෙන ඇත්තේ වැරදි ආකාරයට බව පැවසූ අමාත්‍යවරයා පනත මේ අනුව සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවත් නව පනත සකස් කළ පසු මැතිවරණය පවත්වන බවත් හෙතෙම සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරියේ දී සිදුවන්නේ දැයි මෙහිදී කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමට බලය සහ හැකියාව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමතයට එතරම් බයද? ප්රජාතන්ත්රවාදයත් දෝරෙ ගලන්නයි යන්නේ...
ඒක ඉතින් කියන්න දෙයක්යැ. අද ඡන්දයක් තිබ්බොත් කාට කාටත් වෙනදේ පැහැදිලියිනේ මහත්තයෝ...
අනේ පව්..., මැතිවරණයක් තිබ්බොත් තේරෙයි.. ඔයාලගෙයි, සර්ගෙයි වැඩ ටික... ඒකයි බය...
පළාත් සභා මැතිවරණය ජීවිත කාලයටම කල් දැමීම ඊට වඩා හොඳයි. පළාත් සභාව කියන්නේ සුදු අලියෙක්, එයින් ප්‍රයෝජනයක් නැත...
මම නම් මින්පසුව කිසිම දිනක ජනතා මුදල් කාබාසිනියා කරන ලංකාවට සුදු අලියෙක් වූ පළාත් සභාව සඳහා ඡන්දය ප්‍රකාශ කර අපාගත වීමට බලාපොරොත්තුවක් නැතිබව ප්‍රකාශ කරමි..