(ඩයනා උදයංගනී)
වත්මන් රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීත් සටන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙම නව පනත තුළින් රජය උත්සාහ ගන්නේ ත‍්‍රස්තවාදී කටයුතු මැඩලීමට නොව වෘත්තීය සමිති හා මාධ්‍ය මර්දනය කිරීමට බව පෙනී යන්නේ යැයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ශක්තිමත් කළ යුත්තේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය එම පනත ශක්තිමත් කරන බව කියමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීමට සැරසෙන බව ද කීවේය.
එබැවින් එයට එරෙහිව ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව ද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත " මේකෙන් වැඩ නැහැ ... එත් ත්රස්තවාදීන් ( ජාතිවාදීන් , ආගම්වාදීන් , සහ ජනතාව අතර මතබෙදයන් .. කැරලි කෝලාහල සංවිදානය කරන්නන් සහ එවැනි සමිති .. සමාගම් .. සංවිධාන ) මේ හැම දෙයක්ම තහනම් කල යුතුයි !!! එවැනි පුද්ගලයන්ට ඇප නැතුව දිගු කාලීන සිර දඬුවන් ලැබෙන අන්දමට " ත‍්‍රස්තවාදී නීතීන් නව සංශෝදනයකින් පරිපුර්ණ වියයුතුයි . "
සිංහලයෝ හැමෝම බෙදිලා තම තමන්ගේ බලය වෙනුවෙන් සටන් කරනවා. ඉස්සර සිංහලය කා කොටා ගද්දි ප්‍රයෝජන ගත්තේ ඉංග්‍රීසි , දැන් ???
මෙයා කියන දේවල් පිලි ගන්න බෑ මෙයාට ලජ්ජා නහරයක් නැහෙනේ පැත්තෙන් පැත්තට පනින කෙනා
ත‍්‍රස්තවාදී පනත ඕනේ නැහැ කියලා කියන්නේ කවුද කියලා දන්නවානේ. ත්‍රස්තවාදීන්ව දුටුතැන වෙඩි තියන පනතක් ගෙනාවත් සිංහල අපිට ඇති රුදාව මොකක්ද? අමාරුව කොටි සහෝදරයින්ට. දැන් අපිට බලා ගන්න පුළුවන් මොන නමින් හිටියත් කොටියා මොකාද කියලා.