(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීමේ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ළඟදීම විවාදයට ගැනීමට නියමිතය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 11 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු රැඳවිය හැකි කාලය මෙම නව සංශෝධන පනත් කෙටුම්පත මගින් මාස 18 සිට මාස 12 දක්වා අඩු කෙරෙනු ඇත.
මේ අතර මේ පනත යටතේ රඳවා සිටින පුද්ගලයන් ආරක්ෂා සහිතව සිටිනවාදැයි තහවරු කර ගැනීම සඳහා සඳහා මහෙස්ත්‍රාත්වරයාට අදාල රැඳවුම් ස්ථානයට පැමිණීමටද නව සංශෝධන මඟින් අවස්ථාව සැලසෙනු ඇත.
එසේම රැඳවියකු රඳවා සිටින ස්ථානයකට නීතිඥවරයකුට පැමිණීමට අවස්ථාව සැලසීමටත් රැඳවුම් භාරයේ සිටින තැනැත්තාට සිය ඥාතීන් සමග අදහස් හුවමාරු කර ගැනීම( සන්නිවේදනය) සඳහා හැකියාව ඇති කිරීමටත් නව සංශෝධන පනත මගින් විධිවිධාන සැලසේ.
සැකකරුවන් වධදීමට ලක්ව නොමැති බවට තහවුරු කරගැනීම සඳහා එම ප්‍රඥප්තියේ එකොළොස් වැනි වගන්තිය යටතේ නියමයක් ලබාදීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමටද නව සංශෝධන පනත මගින් ප්‍රතිපාදන සැලසෙන බව සඳහන් වේ.
මේ අතර කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇති අතර එම පනත් කෙටුම්පතද ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd