IMG-LOGO

නව ගුවන් පාලම් හතරකට අනුමැතිය

(ඩයනා උදයංගනී)

නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගිතාව ගිවිසුම යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සැපයෙන සහන මුල්‍ය පහසුකම් මත මෙම නව පාලම් ඉදිකිරීමට නියමිත බව රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

මෙම ගුවන් පාලම් මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය, හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන ස්ථානයන්හි පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය යෝජනා කර ඇතැයි ද ඇමතිවරයා කීවේය.

රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

හංගේරියානු මූල්‍ය සහයෝගිතාවය යටතේ මේ වන විටත් කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් දෙකක් ඉදිකෙරෙමින් පවතින බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (4)

නව ගුවන් පාලම් හතරකට අනුමැතිය

fairoos Wednesday, 19 January 2022 02:13 PM

වැඩේ නම් හොඳයි... ඒත් කරන අය තමයි ප්‍රශ්නේ...

:       12       10

Pradeep Wednesday, 19 January 2022 02:25 PM

මීරිගම රේල් පාර අසලටත් එකක් ආවොත් හොඳයි...

:       1       14

Mahee Wednesday, 19 January 2022 03:28 PM

ජාඇල අමතක වෙලා වගේ...!

:       2       11

Naushi Wednesday, 19 January 2022 08:27 PM

Excim බැංකුව තියෙන්නේ චීනයේ, හංගේරියාවේ එක්සිම් බැංකුවක් තියනවා කියලා ඇහුවේ අද. එකත් චීන බැංකුවේ ශාඛාවක්ද දන්නේ නෑ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site