සංසරණය සඳහා නව කාසි කාණ්ඩයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (27) සඳහන් කළේය.
මේ අනුව කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන්කර හඳුනාගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇතිව මුහුණත වටිනාකම රුපියල්, 10, 5 , 2 සහ 1 යන කාසි වර්ග හතරින් යුත් නව කාසි කාණ්ඩායක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙහි පළමු කාසි ඇසුරුම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාසි සුදු යකඩෙන් හදලා තියෙන්නේ කියලා කවුදෝ කියනවා ඇහුනා. මේ යන විදියට ළඟදීම ප්ලාස්ටික් වලිනුත් කාසි හදයි වගේ.
මේ අලුත් කාසි දැක්කම මට මතක් වුනේ කලකට ඉස්සර තිබුණු සත ගණන් වල කාසි. දැන් රුපියල ඒ ගානට වැටිලා.
දෙයියන්ගෙ නාමෙට කවුරුත් ඔව්වා පින් පෙට්ටිවල පුරවන්න එපා. බස් වල යන්න මාරු කාසි නැති වෙලා තියෙන්නේ පින් පෙට්ටි පුරවලයි දඹදිව ගිහින් පඬුරු දාලයි තමයි........
මේ කාසි නිෂ්පාදනයට කාසියේ වටිනාකමට වඩා වැඩි වියදමක් යනවා. රුපියල් 5 ට වඩා අඩු කාසි භාවිතයෙන් ඉවත් කිරීම වඩා සුදුසුයි.
විය යුත්තේ දෘඪ කාසි නිකුත් කිරීම නොව ඉලෙක්ට්‍රොනික ක්‍රම වේදයට හුරු කිරීම නොවේද ?
සනත් නුවර - කාසි විතරක් නෙමෙයි. යන විදිහට ශ්‍රී ලංකා මුදල් ඒකකයම අයින් කරන්න වෙනවා.
පිං පෙට්ටි වලට කාසි දාන එකෙන් එළියේ සංසරණය වෙන කාසි අඩු වෙනවා කියලා හිතන්න එපා. ඔය පිං පෙට්ටි වලට දාන ඒවායින් පන්සල් වල විදුලි බිල්, දුරකථන බිල් එහෙම ගෙවනවා. ඒ කියන්නේ සංසරණය වෙනවා. හැබැයි පන්සල් වල දියුණුව තකා කවුරැ හරි කාසි වෙනුවට නෝට්ටු දානවනම් ඒක හොඳයි ඉතින්.
මුළු ලෝකෙම ඉලෙක්ට්‍රොනික් කාර්ඩ්වලට යද්දී මේ අය තවම කාසි අච්චු ගහගහ තටමනවා. ඇයි ලංකාවේ බැංකුවලට ඔහොම දෙයක්වත් කරගන්න බැරිද...? මේ 2018...