IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නව ඇමෙරිකන් තානාපති එරික් මේයර් ?

ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිතය. ඒ, ඔහුගේ නම ඇමෙරිකන් ජනාධිපති ඩොකල්විඩ්සි ට්‍රම්ප් එරට සෙනෙට් මණ්ඩලයට යෝජනා කිරීමත් සමගය.

එරික් මේයර්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කරයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, කසක්ස්තානය, කිර්ගිස්තානය, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසියාව පුරා කාර්යාංශ අධීක්ෂණය කිරීම සහ පරිපාලනයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු වෙත පැවරී ඇති වගකීම් බව ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

 එරික් මේයර් නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නේටෝවේ නවතම සාමාජික රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ ස්කොප්ජේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙස සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර ඇත. ඊට පෙර මේයර් කාම්බෝජයේ නොම් පෙන් හි කොන්සල් ජනරාල්වරයා වූ අතර එහිදී ඔහු වැඩබලන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර ඇත.

මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා ඇත. ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් සහ කුසලතා ගෞරව සම්මාන කිහිපයක් පිදුම් ලැබුවෙකි. ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව ද ඇත.



අදහස් (2)

නව ඇමෙරිකන් තානාපති එරික් මේයර් ?

Brian Saturday, 12 July 2025 04:12 PM

ඩොකල්විඩිසි ට්‍රම්ප්! අප්පට ගජ, ඒ ඩිංගට ට්‍රම්ප්පොච්චි නමත් වෙනස් කරගෙන නොවැ.

:       3       3

රුවන් Sunday, 13 July 2025 08:11 AM

බුවා හිටපු තානාපතිවරුන් වගේ නොවෙයි වැඩියෙන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරනවා. මොකද ශ්‍රී ලංකාව කියන්නේ සිංගප්පූරුවට වඩා වැදගත් රටක් කියලා ප්‍රකාශ කරනවා. ලංකාවේ අයට වුවමනාවක් නැති වුණාට ලංකාවට ඇමරිකාවට වටිනවා. ලංකාව ගුවන්ගමන්, නාවික වෙළඳාම මගින්ම දකුණු කොරියාව වගේ වෙන්න පුළුවන්. ඇමරිකාවේ යුද කඳවුරක් තිබ්බත් මොකද ඩුබායි, කටාර් වගේ දියුණු වෙනවා නම්...? කව්ද කැමැති තමන්ගේ ළමයා කාර් එකක් යනවා ඉගෙන ගන්නේ අංක එකේ විශ්ව විද්‍යාලයක නම්? MCC එකට මොකද වුනේ? එදා ඇමරිකාවේ තිරිඟු පිටි නිකන් දුන්නා මොකද වුනේ? දෙමළ පරම්පරාවකින් එන බණ්ඩාරනායක ඇමරිකාවේ ඉන්ධන නිෂ්පාදනය ජනසතු කරා.. අන්තිමට සිංගප්පූරුව ඩොලර් බිලියන කීයක් හොයනවාද අද...?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site