
(අංජුල මහික වීරරත්න)
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහත්ම මහත්මීන් මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරු වල වැඩ බාර ගත්හ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කරනු ලැබුවාය.
කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙසත් දීප්ති සුමනසේන මහත්මිය සේවය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd