( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් සයිටම් වෛද්‍ය උපාධිධරයකු ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අභියාචනාධිකරණය අද (11) වෛද්‍ය සභාවට එරෙහිව නොතීසි නිකුත් කළේය.
සයිටම් වෛද්‍ය උපාධිධරයකු ලියාපදිංචි කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුව කියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි කියමින් එම උපාධිධාරි වෛද්‍ය සිසුවිය ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙලෙස නොතීසි නිකුත් කළේය .
අභියාචනාධිකරණ සභාපති පී.සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ග්‍රහණයට හසුකරගෙන සිටින බව ගරු අධිකරණය දන්නේ නැද්ද? සියලු දේටම කලින් මෙය මර්ධනය කල යුතුයි.