(ඩයනා උදයංගනී)
දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා විසින් ඉදිරිපත් කර ඇති හඬපටවල ඇති කටහඬ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ බව රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇති නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් දෙයක් එම හඬපටවල නැතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඝාතන කුමන්ත්‍රණයක් හෝ බරපතල වෙනත් කිසිවක් එම හඬපටයන්හි ඇතුළත්ව නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හඬපටයක කටහඬ තහවුරු වූ පලියට පුද්ගලයකු අත්අඩංගුවට ගත නොහැකි බව ද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව කියමින් එම හඬපට ඉදිරිපත් කළ තැනැත්තා පොලීසියට ඔත්තු සපයමින් මුදල් ලබාගත් අයෙකු බව කී ඇමති රාජිත සේනාරත්න මහතා ඔහුට ලැබිය යුතු මුදලක් නොලැබීම නිසා ඇති වූ කෝපය හේතුවෙන් මෙම හඬපට ඉදිරිපත් කර ඇතැයි ද ප්‍රකාශ කළේය.
මීට පෙර කිසිවෙකුත් නොදුටු අයෙක් හෝ පැමිණ දූෂණ විරෝධී බළකාය නමින් පුවරුවක් සවිකරගෙන මාධ්‍ය හමුවක් පැවැත්වූ විට එය බලවේගයක් කරන්නේ මාධ්‍ය විසින් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ ඔය කියන තරම් වැදගත් දෙයක් නැහැ තමයි. තියෙන්නේ මෛත්‍රීව මරන්න හදපු එකනේ. ඔන්න රනිල්ව මරන්න හැදුවානම් රාජිත උඩපනින්නේ කොහොමද කියලා බලාගන්න තිබුණා. මෛත්‍රී මරන්න දෙයක් නැහැ... දැනුත් ඉන්නේ මැරිලා වගේනේ...
මෙය පොලිස් විෂයභාර ඇමතිවරයාගේ, පොලිස් කොමිෂමේ හා අධිකරණ ක්‍රියාවලියේ කොටසක්... එහෙයින් ප්‍රකාශ නිකුත් කිරීමෙන් එම ක්‍රියාවලියට බාධාවිය නොහැකිද?
දතාට නම් මොලේ කචල්. අංගොඩට තමා යවන්න ඕනේ.
මෙයා කොහොමද හඬ පට අහන්නේ ඒවා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු දේවල්නේ ඔන්න යහපලානේ වැඩ
ඔබතුමාලම නේද කිව්වේ හඬ පටයත් බොරු එකක් කියලා. දැන් හඬ පටය ඇත්ත... ඝාතන කුමන්ත්‍රණයක් එ්කේ ඇතුලේ නැහැ. තව කියන්න කියන්න. අපිට තියෙන්නේ අහගෙන ඉන්න.
රටේ මිනිස්සුන්ගේ දත් ගලවන්න හරිම දක්ෂයි ..හැබැයි අල්ලස්, දූෂණ නඩු 14ට මුහුණ දෙන්න වෙනවා වෙනවාමයි.. කවදාහරි ආණ්ඩුව පෙරලුනොත්...
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා කියලා කතාවක් තිබෙනවානේ. නීතිපතිගේ වැඩේ සුවපති කරන්න යනවා කියලා එය වෙනස් කරමු.
පොලිස් කොමිසම නාලක සිල්වාගේ වැඩ තහනම් කරලා පිස්සු කියවනවා. ඉක්මනට ඡන්දයක් ආවා නම් මේ පිස්සන් ටික එලවන්න පුළුවන්..
මාධ්‍ය සාකච්ඡාවේදී නාමල් කුමාර කිව්වේ හඬ පටවල ඇති සියල්ල ජාතික ආරක්ෂාව සම්බන්ධ නිසා හෙළි කල නොහැකි බවයි.. මේ වගකිවයුතු ඇමතිවරයා රජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ අර ප්රවෘත්ති විකාශයේ පෙන්නපු දේවල් දිහා විතරක් බලල වගේ.. ඇත්තටම මොකුත් නැත්තම් පොලිසිය කෙතරම් දේශපාලනීකරණය වී ඇත්දැයි දැන ගැනීමට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත.
පොලිසියේ දේවල් උසාවියට දාන්න කලින් දැනගන්න මෙයා DIG අනුර කුමාරද, රන්ජන්ද කියලා?
කන කොකා ඉගිලෙන්න පටන් ගත් හැටියේම සුද පෙනෙයි. මෝඩයා කට ඇරිය හැටියේම කන කොකෙක් වෙයි.
මේකෙන් එකත් තේරෙනවා............. මේ හඬපට ඇත්ත කියන එක..
රටේ පළමු පුරවැසියාට කරදරයක් කිරීමට සැලසුම්. මෙයාට ඡන්දේ දෙන අයට පිස්සු
යන්නේ කොහෙද? මල්ලේ පොල්