(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බව කී එම නිලධාරියා තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බව කීවේය.
හිටපු ඇමැතිවරුන් එම නිල නිවාස ආපසු බාරදී නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිල නිවාස බාර නොදුන් ඇමැතිවරුන්ට නඩු
Mahee Wednesday, 04 March 2020 06:36 PM
අපිව පාලනය කරන්න එන අයගේ විනය ගැනත් උන් අයිති දේශපාලන පක්ෂවල විනය ගැනත් ඒ පක්ෂ නායකයින්ගේ විනය ගැනත් මේ වැඩවලින්ම පේනවා.
Bamunuarachchi Thursday, 05 March 2020 03:08 AM
මොන නඩුද, ඊලගට එම නිවාස හිමි ඇමතිට කියන්න බලෙන් ගිහිල්ලා පදිංචි වෙන්න කියලා. දැන් ඔවුන් ඇමති වරු නොවෙයි.
රවින් Thursday, 05 March 2020 06:09 AM
බමුණු, පාර්ලිමේන්තුව විසිරුවාට කැබිනට් ඇමතිවරුගේ නිලයන් තාවකාලික පදනම මත එසේම පවතී. විශේෂ අවස්තාවලදී ඔවුනට රැස්වී තීන්දු ගතහැකිය. ඔවුන්ගේ තනතුරු අහෝසිවෙන්නේ අගමැති ඉල්ලා අස්වුවොත් පමණි. ඒක ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තිබෙන හැම රටකටම පොදු වේ. එම තනතුරු අලුතින් පත්වන ආණ්ඩුව දිවුරුම් දෙනතුරු පවතියි. මෙහිදී වැදගත් වන්නේ ඊට ඉස්සෙලා හිටපු ඇමැතිවරුත් තාම නිල නිවාස වළලු. එහෙම නිල නිවාසවල ඉන්න එක පහුගිය දිනවල මාධ්‍ය තුලින් නම් දැක්කා. තව විදියකින් කිවොත් ඇමති පට්ටම් ගහලා ගිහිල්ලා අවුරුද්දකටත් වැඩියි. හැබැයි තාම නිලනිවාසයේ.
Perera Thursday, 05 March 2020 03:59 AM
ඔය නඩුඅහලා තීන්දු දෙනකොට මේ මැති ඇමතිලා මැරිලත් අවුරුදු ගාණක් ගිහින් තියේවි...
Abaran Thursday, 05 March 2020 04:06 AM
මොන නඩුද? බෙල්ලෙන් අල්ලලා එලියට දමන්නේ නැතිව...
Raveendra Thursday, 05 March 2020 04:10 AM
දවසක් හරි පිනටම වැඩ ටික කරගන්න හැමවිටම උත්සාහ කරන පිං මාමලා ටිකක් තමයි අපේ දේශපාලුවන් 225ම...
rihan Thursday, 05 March 2020 04:21 AM
අාසාවනේ පව්... තව ටිකක් කල් දෙන්න.
sharm warn Thursday, 05 March 2020 04:53 AM
මේ ගොල්ලන්ට ඡන්දෙ දුන්නේ කවුද ඉතින්? මේ පාරත් මේ ගොල්ලන්ටම දෙන්නකෝ දැන් බැන බැන ඉඳලා.. හැමදාම කරන්නේ ඒකනේ...
Bamunuarachchi Thursday, 05 March 2020 11:47 AM
"බමුණු, පාර්ලිමේන්තුව විසිරුවාට කැබිනට් ඇමතිවරුන්ගේ නිලයන් තාවකාලික පදනම මත එසේම පවතියි. විශේෂ අවස්ථාවලදී ඔවුන්ට රැස්වී තීන්දු ගතහැකියි. "මේ ඔබේ කතාව... මෙන්න අමාත්‍යංශයේ කතාව... "ඇමැතිධුර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.