
(සජීවා කෝට්ටගොඩ)
කතරගම ගොස් ආපසු මෝටර් රථයක හා පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෝටර් ගමන් ගත් රියදුරා හා සිඟිති දියණියන් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් තිදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
නාරම්මල කිවුල්ගල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ පොල් පිතිගම ,මඩගල්ල,කුබුකුලාව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කෝප්‍රල් කේ.එච්.ඒ.සී . සමන් කුමාර (38) ඔහුගේ දියණිය කේ.එච්.ඒ. මෙනුලි ලවන්න්‍යා (මාස 11 ) හා පහලගම පාර, දුනුපොතගම, දිවුල්ලෑව, මහව ලිපිනයෙහි පදිංචිව සිටි බිරිඳගේ සොහොයුරාගේ දියණිය වන තිලුනි සෙනුල්ල්‍යා (මාස 10 ) යන අයයි.
මියගිය හමුදා සෙබලා යුද හමුදා සංඥා බලකායට අනුයුක්තව පනාගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ,(බටහිර ) සේවයෙහි යෙදී සිට පසුගිය 2025.07.14 දින නිවාඩු ලබා ගෙන පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පුංචි දරුවෝ වාහනේක අරන් යනකොට උකුල උඩ තියන් යන්න එපා. එකට විශේෂයෙන්ම හදපු ආසන තියෙනවා, එම ආසනයක රඳවලා තිව්වම දරුවන්ට ඉතා ඉහළ ආරක්ෂාවක් ලැබෙනවා.
රටේ වාහන ආනයනය සීමා කිරීම සහ අධික තීරුබදු නිසා රටේ දැනට තිබෙන වාහන බොහෝමයක් තිබෙන්නේ පරණ අබලන් තත්වයේ, අමතර කොටස් වලට ගහන අධික තීරු බද්ද නිසා සහ පුහුණු කාර්මිකයෝ හිඟකම නිසා පාරේ දුවන වාහන 60% වැඩි ප්‍රමාණයක් නිසි ධාවන තත්වයේ නැහැ... එකත් මේ අනතුරුවලට හේතුවක්, අර පහුගිය කාලේ මාරක අනතුරු සිදුවුණා... KDU එකේ බස් එක සහ ලංගම බස්වල කාර්මික තත්වය ධාවනයට නුසුදුසු බව අනතුරෙන් පසු හෙළි වුණු, රජය මේ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි... අලුත් වාහන නැති වුණත් තිබෙන එකක් නිසිලෙස අලුත්වැඩියා කරගෙන දුවන්න සාධාරණ මිලකට අමතර කොටස් රටේ තිබෙන්න ඕනේ...!