
(විනීතා එම් ගමගේ)
අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්, නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය.
කුරුණැගල මහාධිකරණයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකළ නඩුව, විභාග කරන ලද්දේ ඔහු රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටිය දී යැයි ද එහෙත් සාක්ෂි බිඳවැටීම නිසා ඔහු නිදොස් කොට නිදහස් කර ඇතැයි ද හෙතෙම පැවැසීය.
ගාමිණි සෙනරත් මහතාට විරුද්ධව ගොනු කර තිබු නඩුව ද සිවිල් ස්වරූපය තිබෙන දේවල් අපරාධ නඩු බවට පරිවර්තනය කර ගෙතූ නඩුවක් යැයි ද කී ඔහු බැසිල් රාජපක්ෂ මහතාගේ නඩුව ද එවැන්නක් යැයි ද පැවැසීය.
මේ අනුව මෙසේ නිර්මාණය කළ තවත් නඩු ඉදිරි කාලසීමාව තුළ බිඳ වැටෙනු ඇතැයි පැවසූ ප්‍රේමජයන්ත මහතා මෙම නඩු නිර්මාණය කිරීම සඳහා පසුගිය යහපාලන රජය කාලයේ පිහිටවූ එෆ් සී අයි ඩීය හිටපු අගමැතිවරයා විසින් පොලිස් ආඥාපනතේ වගන්තියක් ගැසට් කර නිර්මාණය කළ එකක් යැයි ද කීය.
වත්මන් රජය පසුගියදා නඩු දෙකක් නිදොස් කොට නිදහස් කිරීම ගැන කතා රටේ කථා බහට ලක්වී ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එකක් අභියාචනාධිකරණය මගින් ද එකක් මහාධිකරණය මගින් ද නිදොස් කොට නිදහස් කර ඇතැයි කීය.
මෙකී නඩු දෙකම යහපාලන රජය විසින් පැවරූ නඩු දෙකක් යැයි ද ඊට පෙර අවස්ථාවල දී ද සාක්ෂි නිර්මාණය කර ගොනු කර නඩු යැයි ද හෙතෙම කියා සිටියේය.
එහි නිර්මාණකරු වන හිටපු අගමැතිවරයාම එය නීතිවිරෝධී ආයතනයක් යැයි ජනාධිපති කොමිසමේ දී පිළිගත් බව ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු ආකාරයකින් අධිකරණයට බලපෑම් නොකරන බව ද කිවයුතුයැයි ඔහු තවදුරටත් කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මල්වානේ මාලිගය ඉබේම නිර්මාණය වුණාද? තව සොහොන්කොත් ඉබේම නිර්මාණය වුණාද? බොරු විකාර කියනවා. වහල්ලු වෙන්න එපා... ලැජ්ජයි ඔබතුමාට..
මෙන්න කලඑළි බැහැලා. බාල පෙට්‍රල්, ඩීසල් ගෙනැල්ලා කොමිස් ගහලා එක සැරයක් රට, මිනිස්සු, අමාරුවේ දැම්මා.
එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේනුත් තීන්දුව දුන්න දුමින්ද සිල්වා නිදහස් කරන්න කියන්නෙ ඇයි?
ඇමතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් වුනාම ඔක්කොම දන්නා බවත් මහජනයා මේ මන්ත්‍රීවරු කියන බබා හුකුම් කතා පිළිගන්න බවත් හිතපු කාලය දැන් ඉවරයි. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම හරක් බව හැමෝම දන්නවා. එම නිසා මේ වගේ ගොන් කතා කියන්න එපා.
නිර්මාණයකළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා. එනිසානේ ජෝන්සන්ට... රාජපක්ෂලාට විරුද්දව දාපු නඩු ඒගොල්ලන්ගේ කාලෙම බිඳ වැටුනේ.
සිල් රෙදි කේස් එකක් තියෙනවද?
ඒ වගේම තමන්ගේ පැත්තේ හොරකම් කළ අයව නිදහස් කරනවා නේද නිදොස්කොටම... ? ඒ වගේම මිනී මරලා හිරෙ ගිය කෙනෙක් නිදහස් වෙන්නත් නියමිතයි නේද?
කෙළින්ම බලපෑම් කරන්නේ නැතිව ඇති. ඒ අයට ඔය නීතීඥයින් දන්නේ නැතිව ඇයි ඔය පවුලට විරුද්ධව ගිය අයට වෙච්ච දේවල් ඉතින් ඒ අයට ඔන තීන්දුව දීලා ඔය හම්බවෙන ප්‍රමෝෂන් එකක් කරගෙන ඉන්නවා. එච්චරයි.
ගෙම්බකුගේ බක බක....
ගිය ආණ්ඩුවේ හොරකම් අල්ලනවා කිව්වට දැන් අමුතු පොතක් දාගෙන එනවා.. ඒ ටිකත් ආරක්ෂා කරන්න ඊළඟ ඡන්දෙදී තම මහබැංකු හොරකම මාර්කට් කරන්න ජනතාව ගොනාට අන්දලා වැජඹෙන අය මේ දෙගොල්ලොම..
වහල් බවේ උපරිමය... මේ වගේ ශරීර වලට මනුස්සයා කියලා අමතනවාද කියලා අපි තීරණය කළ යුතුයි. මේ වගේ කතා ගෙදර අයත් එක්ක කියාගත්තට නම් අපිට කමක් නැහැ.
එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේනුත් තීන්දුව දුන්න දුමින්ද සිල්වා නිදහස් කරන්න කියන්නෙ ඇයි? ඇයි කියලා අහනවා ඒ ගැන හොඳ විස්තරයක් රන්ජන්ගේ හඬ පටයේ තිබෙනවා. ඒක ඇසුවේ නැද්ද? නැතිනම් ඒක තේරෙන්නේ නැද්ද? නැතිනම් ඔය දෙකමද?