(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත පිරිසකට ඉකුත් (9) දින පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි 49 පුද්ගලයෙකි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය නිරත පිරිසට මෙම සැකකරු පහරදී කලහකාරී ලෙස හැසිරෙන අන්දම වීඩියෝ පට මගින්, ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ අප්පා? අරලියගහ මන්දිරේ හිටපු, ගහන්න පොළඹවපු ඇමති, මන්ත්‍රී තක්කඩි ටික අල්ලන්න බයද?
ඉහල ඇවරිය... අර " ගෝල්ෆේස් සුද්ධ කරපියව් " වගේ කතාවක් කියපු ඉහල ඇවරියේ කට්ටිය.... කවුරුත් හොඳට දැක්කනේ. ඒගොල්ලෝ අල්ලන්න අදහසක් නැද්ද? මේකත් නිකන් අර " පහත් තැනින් යයි ගලා ජලේ" වගේ වැඩක්ද ? තව එක්කෙනෙක් නම් ගම ඇතුව එයාගේ ගේ ගිනිතිබ්බේ දේශපාලන පක්ෂ තුනක කට්ටිය කියල ප්‍රසිද්ධියේ කියල තියෙනවා නේද ? එතකොට මේක අර නිර්පාක්ෂික සාමකාමී අරගල කරුවන්ට හරි ජෙප්පන්ට හරි වෙන කාට හරි බැර කරලා ඇඟ බේරාගන්න බැරි වෙන පාටක් නේද පෙනෙන්නේ.
අනේ අපොයි, තවම එක්කෙනාද ඇල්ලුවේ...? රටේ අනිත් ප්‍රදේශවල සිදුවෙච්චි දේවල් වලට නම් සිය ගණන් අල්ලලා. පරීක්ෂණ අපක්ෂපාතීව සිදුවෙනවද කියල සාධාරණ සැකයක් ගොඩ නැගී ඇත...
නගර සභා ආදී පළාත් පාලන ආයතනවල සේවකයින් හරියට රූකඩ වගේමයි. මොකද ඔවුන් වැඩ කරන්නේ තමන්ට රැකියාව දුන්නු මන්ත්‍රීවරයාගේ උපදෙස් හා පෙළඹවීම මත කියලා කියන්නේ මම අත්දැකීම් ඇති අයෙක් නිසා... මෙම සේවකයින් වැටුප් ගත්තත් කීයක් හෝ අදාල දේශපාලුවන්ට දෙන්න ඕනෑ... ඔය කම්කරුවා සේවයට ගත්තු දේශපාලුවා අත්අඩංගුවට ගන්න...
එතකොට මේ ග්රහමන්දිරයේ ඇතුළේ ඉඳගෙන හිටපු මේකෙ මහමොලකාරයා අල්ලන්නේම නැද්ද? මරුනේ එක රටයි, එක නීතියයි සංකල්පේ...
හත්දෙයියනේ එතකොට මේ මනුස්සයා තනියමද මේ ගම් දෙකටම ගැහැව්වේ? හරිනම් එයාට හමුදාපති කම දෙන්න ඕනෑ.
මොරටුව නගර සභාවේ එකක් නෙමේ තව ඉන්නවා ඒ අය ගන්න එතකොට කුරුණෑගල තංගල්ල