
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොවිඩ්-19 වයිරසය ආසාදිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාමට අද (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
තවද බමුණුමුල්ල සහ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම් වලින් රෝගීන් වාර්තාවීම අවම වීම නිසා හෙට 20 දින සිට සංචරණ සීමාවන් ඉවත් කිරීමටත් තීරණය කළ බව ඇය කීවාය.
අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පනවා තිබෙන සංචර සීමාවන් ඉවත් කිරීම සඳහා බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බණ්ඩාරගම පොලීසිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණ ගත් බව වෛද්‍යවරිය පැවසුවාය.
කොවිඩ්-19 වයිරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු එකවර හමුවීමත් සමගම ඉකුත් නොවැම්බර් 21 වෙනිදා අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයට පත් කර මේ වන විට මාස දෙකක් ගතවී ඇත.
එලෙස අවශ්‍යතා මත බැහැරව යන පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් සහතික කර ගල්තුඩේ සහ දොළපාර පොලිස් මුරපොල හරහා පිට වීමට අවස්ථාව සැලසීමට කටයුතු කරනු ලැබ තිබේ.
හෙට දින සිට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදුකරන බවත් එහි ලැබෙන ප්‍රතිඵල අනුව සති අන්තය වන විට අටුලුගම ඇතුළු අනෙකුත් ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳ තීරණය කරන බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනි සිංහල ආණ්ඩුව... නිකන් එහෙම කිව්වා වගේ මතකයි ඡන්දෙන් පස්සේ..
කටට ඉබ්බෙක් දාලා යවන්න. නැතිනම් වටේටම කෙළ ගහයි.
මගේ ගෙදර මුස්ලිම් මිනිහෙකුට ඉන්න දුන්නා. අපිට දැනුයි තේරෙන්නේ.. අපේ ආහාර වලට මිනිහා කොච්චර කෙළ ගහනවා ඇතිද කියලා..?