(යොහාන් භාසුර)
විදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධානය කාලය නැවතත් දින 14 ක් දක්වා දීර්ඝ කරන්නේ යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (23) පැවති මාදය හමුවක් අමතමිනි. යුද හමුදාපතිවරයා ඒ පිළිබඳව මෙසේ ද පැවසීය
“අද දිනයේදීත් විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් 1100 ක් පමණ පැමිණීමට නියමිතයි. විදේශවල සිට එන අයගෙන් වැඩි සංඛ්‍යාවක් රෝගීන් ලෙස හදුනාගන්නවා. විදේශවල සිට ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ඇතැමුන් අපිට දොස් කියනවා. නමුත් අපි එය නවතා නෑ.
විදේශවල සිට එන අයගේ නිරෝධායන කාලය දින හත් දහයක් අතරට අඩු කරලා තිබුණා. මේ තත්වය යටතේ නැවතත් නිරෝධායන කාලය දින 14 දක්වා වැඩි කරනවා. සෞඛ්‍ය නිලධාරීන් එය නිවේදනය කරයි”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් දින 14ක් තමයි කාලය. ඒත්, එය තමන්ට ඕනෑ විදිහට දින 7ක් දක්වා අඩුකළා. එතකොට නිදහස් ලෙස සමාජයේ සිටිනා දින 14ක් සම්පූර්ණ නොවූ අය රෝග වාහකයන් වෙන්නට පුළුවන් බව සිතීමට දේශපාලකයන්ට හා ඒ අයගේ කීකරු ගෝලයන්ට වැටහෙන්නේ නැහැ. ඒත්, ඕවායින් කොරෝනා මෙල්ල වෙන්නේ නැහැ. නැවතත්, දින 14ක් කරපු එක හොඳයි. දින 14 කාලය නැවතත් පටු වාසි බලාගෙන අඩු කරන්න එපා. ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා...
බොරු බිල්ලෝ මවලා ගජ මිතුරන්ට සළකන්න හදන්න යන්නේ ඔය
හමුදාපති කියනවා රටින් එන වැඩිදෙනෙක් රෝගින් ලෙස වාර්තා වෙනවා කියලා එහෙම වෙන්නේ කොහොමද? එන අය පැය 72කට කලින් පී.සී.ආර්. බලලා එන්නේ නෙගටිව් අය.. එන්නේ එ් එන අය ලංකාවට...
අතීසාරේ හැදුණාම අමුඩ ගහලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ.. ඕකෙනුත් සෙතක් වෙනවා නම් වෙන්නේ මාමණ්ඩියගේ හෝටල් ව්‍යාපාරයටම තමයි...
බිස්නස්... ඕවා අපිට ආදරෙන් කරන දේවල් නොවෙයි, ඕවා ඔක්කොම ගේම්, අපිට ආදරේ නම් ගේන්න පුලුවන්නේ කොරොනා වලට තියෙන එන්නත්, ඔහොම යමුකෝ වැඩි ආයුෂ නොමැත. දුර්දාන්ත පාලකයින්ට මොන පක්ෂ දේශපාලනය කරත්..
හෝටල් කාරයින් පොහොසත් කරන්න අහිංසක මිනිසුන්ගේ දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි කන්න හොඳ නැහැ. අවුරුදු කාලේ පරිස්සම් වෙන්නේ නැතුව දැන් දඟලන්නේ...
අවුරුදු වලට සංචරණ සීමා දැම්මා නම් හෝටල් කාරයින්ට නිරෝධායන අදාළ නැහැ.
මොන සතුටක්ද? නිරෝධායන දෙවියන් හොම්බට ඇන ඇනම වස්තුව දෙනවා. ධන යෝගයක්. දැන් ඉතින් මැදපෙරදිග හිරවෙලා ඉන්න අහිංසකයින් තොගගණන් ගෙනැල්ලා ඔවුන්ගෙන් මදි නොකියන්න ගසාකයි. අවුරුදු ගණනක් යුද්ධ කරලා දෙමළ මිනිස්සුන්ගෙන් හොරා කාපු රත්තරන් වලට වඩා මුදලක් අවුරුද්දකින් කොරෝනා දෙයියා දුන්නා...
මෙවර රජයට එකම ගැලවීම කොරෝනා ව්‍යාප්තියක් පමණමයි. ඒ අතරේම පිටරට මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා හරි ගජ මිතුරන්වත් පොහොසත් කරනවා.
බල්ලගෙ වැඩේ බූරුවට දුන්නම වෙන දේ අපට දැන්වත් තේරේවි ද ?
දන්න කෙනෙක් හරියටම කියනවාද ඒන්නත ගැහැව්ව අයටත්් 14 ක් නිරෝධායනය වෙන්න ඔනද කියලා හමුදාපති තුමා කියන්නේ දවස් 7 ක් වැඩිකර 14 කියලා විතරයි කලින් එන්නත ගැහැව්වා අයට 1 දවසයි තිබුණා.
මෙහෙමත් කොරෝනා නිසා ඇදගෙන නානවා