
(යොහාන් භාසුර)
නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රිය වී ඇති විදුලි ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කිරීමට චීන විශේෂඥයෙකුගේ සේවය ලබගන්නා බව විදුලිබල අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම චීන ජාතික කාර්මික විශේෂඥයා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පැමිණිමට නියමිතය.
එම ජනන යන්ත්‍රය හැකි ඉක්මනින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාව නැවත ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන්ගත්තු දා ඉඳන් මේ බලාගාර විටින් විට අක්‍රය වුණා. අවස්ථා ගණනාවකදී මේ බලාගාරයේ යාන්ත්‍රවල් ගිනි ගත්තා. ඒ දවස්වල කතාබහ වුනේ ඉන්දියාවේ භාවිතයෙන් අයින් කරපු කොටස් මේ බලාගාරයට සවි කළා කියල. හොරාගේ අම්මගෙන් පේන ඉල්ලන්න වගේ චීන විශේෂඥයෙකුගේ සේවය ලබා ගන්න එක.
මේ බලාගාරෙ හිටපු යාන්ත්‍රික ඉංජිනේරුවාට ඔහුගෙ වැඩේ කරන්න විදුලි ඉංජිනේරුවො ඉඩ නොදීම නිසා ඔහු ස්වීඩනයෙ රැකියාවකට ගියා කියල ඒ දිනවල කතාවක් තිබුනා. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා වගේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ වැඩේ විදුලි ඉංජිනේරුවො කරද්දි බලාගාරෙ කැඩෙන එක පුදුමයක් නොවේ
ඔන්න ඕක ගෙඩිය පිටින්ම චීනට දීලා දැම්මනම් ඉවරයි .චීනා නැත්නම් වැඩත් හබක්?