IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නියරට බුලත් කෙළ ගැසීයැයි උදැල්ලෙන් ගසා මරලා

(දයාරත්න ඇඹෝගම)

ඉලන්දගහවැව ප්‍රදේශයේ කුඹුරු යායක බදින ලද නියරක් මතට බුලත් කෙළ ගැසුවේ යැයි කියන සිද්ධියක් මුල්කර ගනිමින් ඥාතින් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් හිසට පහරදි 44 හැවිරිදි එක්දරු පියෙකු ඝාතනය කොට ඇතැයි ඇලයාපත්තුව පොලිසි කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ඇලයාපත්තුව ඉලන්දගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලික බස්රථ රියදුරෙකු වන අසිත සංජීව බණ්ඩාර ඉලංගසිංහ(44)නැමති එක්දරු පියෙකි.

ඉලන්දගහවැව,මහ අක්කරය නැමති කුඹුරු යායක බදින ලද නියරක් මතට පුද්ගලයෙකු විසින් බුලත් කෙළ ගැසිමේ සිද්ධියකට මරණකරු හා ඔහුගේ පියාගේ වැඩිමල් සොයුරාත් එම පුද්ගලයාගේ කුඹුරේ වැඩ කිරිමට පැමිණි පුද්ගලයාත් අතර ඇතිවු බහින්බස් විමක් මුල්කර ගනිමින් ඇතිවු ගැටුමේදි මරණකරැට පියාගේ වැඩිමල් සොයුරා විසින් උදැල්ලකින් හිසට පහරදි ඇති බව පොලිසිය කියයි.

මෙම ගැටුම සිදුවන අවස්ථාවේදි කුඹුරු වැඩට සිය පියාට අත් උදව් දිමට මරණකරුගේ 19 හැවිරිදි පුත්‍රයාද කුඹුරට පැමිණ තිබුණි.

ඔහු විසින් බරපතල තුවාල ලබාසිටි සිය පියා අසල්වාසින්ගේද සහායෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබු අතර ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ 60 හැවිරදි ඥාතියත් එම පුද්ගලයාගේ කුඹුරේ වැඩට පැමිණි 34 හැවිරිදි පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

 



අදහස් (1)

නියරට බුලත් කෙළ ගැසීයැයි උදැල්ලෙන් ගසා මරලා

Frencis Wednesday, 26 November 2025 02:27 PM

මටත් පේන්නම බැරිදෙයක් තමයි බුලත් කෙළ ගැසීම අපේ පැත්තේ මොකෙක්ද ඉන්නවා අපේ ගේට්ටුව ඉදිරිපිට පාරේ විට කෙල ගසනවා මම කේන්ති ගන්නේ නැහැ මම හිතනවා මුඛ හෝ මොළයේ පිළිකාව හැදුනු කෙනෙක් වේදනාව ඉවසාගෙන ඉන්න බැරුව කෙළ ගහනවා ඇති කියලා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site