
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතුවලට භාවිතා කිරීමට සඳහා, ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
මෙම නැනෝ නයිඩ්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඇනවුම් කර ඇති අතර , එයින් පළමු තොගය ලෙස මෙම ලීටර් ලක්ෂයක ප්‍රමාණය ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර , මෙම සතිය තුළ මෙම දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමට සැළසුම් කර තිබේ .
මෙසේ රැගෙන ආ මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමට නියමිතය .
මෙම නැනෝ නයිඩ්‍රජන් දියර පොහොර තුළ බැර ලෝහ නොමැති අතර , ශාක පත්‍ර මගින් 90% ක්ම ගසට උරා ගැනීම සිදු කරයි .අ
මෙම පොහොර තොගය භාර ගැනීමට වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ , සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ , කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එස්.අජන්ත ද සිල්වා , කළම්බු කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි ගුණවර්ධන සහ එම සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ජගත් විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ
මෙට්‍රික් ටොන් 45 ක් බර මෙම දියර පොහොර තොගය 10/20 දින අලුයම 12.25 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1156 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මේ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඒ.- 330 - 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.
මෙම නැනෝ නයිඩ්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 ක් මෙරටට ආනයනය කිරීම සදහා ඇනවුම් කර ඇති අතර , එයින් පළමු තොගය ලෙස මෙම ලීටර් ලක්ෂයක ප්‍රමාණය , මෙසේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අතර , මෙම සතිය තුළ මෙම දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් මෙරටට ආනයනය කිරීමට සැළසුම් කර තිබේ .
මෙසේ රැගෙන ආ මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර , මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට පියවර ගැනීමට නියමිතය .
මෙම නැනෝ නයිඩ්‍රජන් දියර පොහොර තුළ බැර ලෝහ නොමැති අතර , ශාක පත්‍ර මගින් 90% ක්ම ගසට උරා ගැනීම සිදු කරයි .
මෙම පොහොර ඉන්දියාවේ IFFCO ආයතනය මගින් නිෂ්පාදන කර ශ්‍රී ලංකාවට එවා තිබේ .
මෙසේ රැගෙන ආ පොහොර තොගය වත්තල , හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .
මෙම පොහොර තොගය භාර ගැනීමට වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ , සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ , කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එච්.එස්.අජන්ත ද සිල්වා , කළම්බු කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි ගුණවර්ධන සහ එම සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ජගත් විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බාරගන්න මෙච්චර පිරිසක් රජයේ නිල වාහනවල ඉන්ධන පුච්චගෙන යන්නේ ඇයි ? අඩුගානේ මේවා ඉන්දියාවෙන් නොමිලේවත් දෙනවද?
රට සෑහෙන්න දියුණුයි. මොකද පෝර ගේන්නෙත් ගුවන් යානයෙන්.
නයිට්‍රජන් දියර විදියට එනකොට කාබනිකද.?
බෙදන්න ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න පේරාදෙනියටවත් යවලා.
රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා ගහපු ගැසට්ටුවත් රිවස්ද? කොහොමවුනත් රටම රිවස්නේ.... 69යේ තේරීම....
බන්දුල වැඩක් කලොත් සුපිරිම තමයි
හරක් ටික ඔක්කොම රටේ සල්ලි වලින් තෙල් පුච්චගෙන කටුනායකට එන්නේ නුඹලගේ වාහන වලින්ද? ඕවා ප්‍රවාහනය කරන්නේ නුඹලාම නම්...!